2014 අගෝස්තු මාසයේ උද්ධමනය 3.5% ක් ලෙස මීට පෙර මාසයේ පැවති 3.6% සිට පහළ යෑමක් පෙන්නුම් කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙයි.
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ගණනය කරන, කොළඹ පාරිභෝගික මිල දර්ශකය (2006/2007=100) මගින් මනිනු ලබන උද්ධමනය, ලක්ෂ්යමය පදනම මත 2014 ජූලි මාසයේ 3.6% ක් ලෙස පැවති අතර, එය අගෝස්තු මාසයේදී 3.5% ක් ලෙස මෙසේ පහළ ගොස් ඇත.
මේ අතර, වාර්ෂික සාමාන්‍ය පදනම මත උද්ධමන අනුපාතිකය ජූලි මාසයේ වාර්තා කළ 4.7% සිට අගෝස්තු මාසයේදී 4.5% දක්වා පහළ ගොස් ඇති බවද මහ බැංකුව පෙන්වා දෙයි.