පසුගිය වසරේ පැවැත්වූ අධ්‍යයන පොදු සහතික පත් සාමාන්‍ය පෙළ විභාගයේ විශිෂ්ට දක්ෂතා දැක්වූ පළමු දසදෙනාට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් අරලියගහ මන්දිරයේදී අද (01දා) සවස ලැප්ටොප් පරිගණක ඇතුළු ත්‍යාග බෙදාදෙන ලදී.
අදාළ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මෙම අවස්ථාවට එක්ව සිටියේ තමන්ගේ මවුපියන්ට අමතරව පාසලේ විදුහල්පතිවරයා හා ඉගැන්වූ ගුරුවරුන්ද සමගිනි.
අග්‍රාමාත්‍යවරයා සිසු පිරිස සුහදව පිළිගෙන අනාගත ජීවිතයට වැදගත් උපදෙස් ලබාදීමටද කටයුතු කළේය. මෙම අවස්ථාවට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, මුදල් අමාත්‍ය රවි කරුණානායක යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
.jpg)
ඡායාරූප ශමීර රාජපක්ෂ