අගමැති යුරෝපා කොමිසම සමග සාකච්ඡා අරඹයි
බ්‍රසල්ස් නුවරට ගොස් සිටින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (17) සිට යුරෝපා කොමිසම, යුරෝපා සංගමය සහ යුරෝපා පාර්ලිමේන්තුවේ ඉහළ පෙළේ නිලධාරීන් සමග සාකච්ඡා පැවැත්වීමට නියමිතය.
ජීඑස්පී සහනය නැවත ශ්‍රී ලංකාවට හිමිවුවහොත් මිලියන 500 ක ජනගහනයකින් යුතු යුරෝපීය වෙළෙඳපොළ මගින් ශ්‍රී ලංකාවේ නිල මුදල් සංචිතය 10 – 20% අතර ප්‍රමාණයකින් ඉහළ යනු ඇතැයි බෙල්ජියම්හි ශ්‍රී ලංකා තානාපති රොඩ්නි පෙරේරා මහතා පැවසීය.
මෙරටට අහිමි වූ ජීඑස්පී ප්ලස් තීරු බදු සහනය නැවත ලබා ගැනීම සඳහා වූ මූලික සාකච්ඡා වට කිහිපයකට සහභාගි වීමට අග්‍රාමාත්‍ය රනිල් වික්රරමසිංහ මහතා ඇතුලූ දූත පිරිස ඊයේ (16දා) දින බ්‍රසල්ස් ජාත්‍යන්තර ගුවන් තොටුපළින් බ්‍රසල්ස් නගරයට ළඟා විය.
බෙල්ජියම්හි ශ්‍රී ලංකා තානාපති රොඩ්නි පෙරේරා මහතා සහ තානාපති කාර්යාලයීය නිලධාරීන් විසින් අග්‍රාමාත්‍යවරයා පිළිගන්නා ලදී
.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

