අගමැති බෙල්ජියමේ සංචාරයකට
ශ්‍රී ලංකාවට අහිමි වූ ජී.එස්.පී. ප්ලස් සහනය නැවත ලබා ගැනීම සඳහා යුරෝපීය සංගමයේ ඉහළ පෙළේ නිලධාරීන් සමග සාකච්ඡා කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා 16 වන දා බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර බලා පිටත්ව යාමට නියමිතය.
බෙල්ජියම් අග්‍රාමාත්‍ය චාල්ස් මිෂෙල් (Charles Michel) මහතා සහ ලොව්රාන් (Laurent) කුමරු ප්‍රධාන බෙල්ජියම් ඉහළ පෙළේ නායකයින් සමග සාකච්ඡා පවත්වන වික්‍රමසිංහ මහතා යුරෝපීය සංගමයේ සහ යුරෝපීය කවුන්සිලයේ සභාපතිවරුන් හා ප්‍රධාන නිලධාරීන් සමග ජීඑස්පී ප්ලස් සහනය යළි ලබා ගැනීම සම්බන්ධව අදහස් හුවමාරු කර ගනු ඇත.
අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී, නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්ටි සහ විශේෂ සහායිකා සැන්ඩ්‍රා පෙරේරා යන මහත්ම මහත්මීහු ද මේ සංචාරයට එක්වෙති.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
