අග්‍රාමාත්‍ය තනතුර බාර ගන්නා ලෙසට තමන්ට පක්ෂ තුනෙන්ම පැමිණි ඉල්ලීම් ප්‍රතික්ෂේප කළ බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
අලුත්ගම පැවැති උත්සවකදී ඔහු මේ බව ප්‍රකාශ කළේය.
“විශ්වාසභංගයේදී මම ඒකමතිකව සිටියා. මට පිරිනැමුවා අගමැතිකම. ඔය පක්ෂ තුනේම කට්ටිය එකතුවෙලා. මට ගණන් හදලා පෙන්නුවා මට තිබුණ වැඩි ඡන්ද ගණන. මම ප්‍රතික්ෂේප කළා. මම කිව්වා එහෙම අගමැතිකම ගන්න ආපු මිනිහෙක් නෙමෙයි මම. කොයි තනතුරුවලට මම යන්නෙත් ඉස්සරහ දොරින් මිසක් පිටිපස්සේ දොරින් නෙමෙයි. මගේ නායකයාගේ බෙල්ල කපලා තනතුරුගන්න තරම් සදාචාරයක් මගේ පියා මට දීලා නෑ.”