ආණ්ඩු පක්ෂයේ මන්ත්රීවරුන් සමග සංවර්ධන (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත පිළිබඳ සාකච්ඡා කිරීමට අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා තීරණය කර තිබේ.
ඒ අනුව අග්රාමාත්යවරයා හා ආණ්ඩු පක්ෂයේ මන්ත්රීවරුන් අතර මේ පිළිබඳ සාකච්ඡා කරන විශේෂ හමුවක් මේ මස 05 වැනිදා පස්වරුවේ පැවැත්වීමට නියමිතය.
සංවර්ධන (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත පිළිබඳ මන්ත්රීවරුන්ගේ අදහස් මෙන්ම පනත් කෙටුම්පත සංශෝධනය කළයුතු අයුරු පිළිබඳවද මෙහීදි සාකච්ඡා කිරීමට තීරණය කොට තිබේ.
මේ වනවිට සංවර්ධන (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත පිළිබඳ පළාත් සභා අටක මතය විමසා තිබේ. උතුරු පළාත් සභාව පනත් කෙටුම්පත ප්රතික්ෂේප කළ අතර, අනිකුත් පළාත් සභා සියල්ල විසින් පනත් කෙටුම්පත පරාජය කරන ලදී.පළාත් සභා පනත් කෙටුම්පත ප්රතික්ෂේප කිරීම පිළිබඳ සහ පරාජය කරන ලද පළාත් සභා පිළිබඳවද මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතය.