අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් ඉදිරිපත්කර ඇති විශ්වාසභංග යෝජනාවට ඡන්දය ප්‍රකාශ කිරීමේදී විද්‍යුත් ක්‍රමවේදය භාවිත නොකිරීමට පක්ෂ නායකයන් තීරණය කර ඇත.
පක්ෂ නායකයින්ගේ රැස්වීමක් අද (28දා) පාර්ලිමේන්තුවේදී පැවැති එහිදී මෙම තීරණයට සියල්ලන්ම එකඟ වී ඇත. අග්රාමාත්යවරායට එරෙහි විශ්වාසභංගය අප්‍රේල් 04 දා විවාදයට ගැනීමට නියමිත අතර ඒ සඳහා වන ඡන්ද විමසීම එදින රාත්‍රී 9ට පැවැත්වීමට නියමිත බව නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතා ඊයේ (27දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.