සෝනියා ගාන්ධි මහත්මිය, ආචාර්ය මන්මෝහන් සිං මහතා ඇතුළු කොන්ග්රස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ හා තරුණ මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත දූත පිරිසකට ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා පැමිණෙන ලෙස ද අග්‍රාමාත්‍යවරයා රනිල් වික්‍රමසිංහ මහතා අද (05දා) ආරාධනා කළේය.
තෙදින නිල ඉන්දීය සංචාරයකට එක්ව සිටින අග්රාමාත්යවයරා නවදිල්ලි නුවර තාජ් පැලස් හෝටලයේ දී ඉන්දීය කොංග්රස් පක්ෂ නායිකා සෝනියා ගාන්ධි මහත්මිය ඇතළු පක්ෂ නියෝජිතයන් හා පැවැති සාකච්ඡාවේදී මෙම ආරාධනාව සිදුකළේය.