විශ්‍රාම ගිය සේවකයන් සේවා ස්ථානවලට වාර්තා කර තිබෙන බවත්, එම සේවකයන් හා දැනට සේවයේ යෙදී සිටින සේවකයන් එක්ව අඛණ්ඩව විදුලි සැපයුම ලබාදෙන බවත් විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය සඳහන් කරයි.
පවතින අයහපත් කාලගුණ තත්ත්වය නිසා සහ කඩාකප්පල්කාරී ක්‍රියා නිසා විදුලි බිඳවැටීම සිදු වෙමින් තිබෙන බවද එම අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේය.
එහෙත් සේවයේ යෙදී සිටින සේවකයන් හා විශ්‍රාම ගිය සේවකයන් එක්ව විදුලිය යථාතත්ත්වයට පත් කරමින් තිබෙන බවත්, සේවක වර්ජනයක් පවතින නිසා යම් යම් ප්‍රමාද සිදුවන බවත් ඔහු පවසා සිටියේය.