අඛණ්ඩව තෙවැනි මාසයටද ශ්‍රී ලංකාවේ අපනයන ඩොලර් බිලියනක සීමාව පසු කළ බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.
2017 වසරේ සැප්තැම්බර් මාසයේ විදේශී අංශයේ ක්‍රියාකාරිත්වය පිළිබඳව මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයක මේ බව දැක්වෙයි.
එය අංක දෙකක වර්ධනයක් වුවත් සැප්තැම්බර් මාසය තුළ ඉන්ධන හා සහල් ආනයන ඉහළ යෑම හේතුවෙන් වෙළඳ හිඟය තවදුරටත් පුළුල් වූ බවද එම නිවේදනයේ දැක්වෙයි.
2016 වසරේ සැප්තැම්බර් මාසයට සාපෙක්ෂව 2017 සැප්තැම්බර් මාසයේදී ප්‍රධාන රටවලින් සංචාරකයින්ගේ පැමිණීම සුළු වශයෙන් පහළ යෑමත් සමග සංචාරක ඉපයීම්ද අඩුවූ බව ඔවුන් සඳහන් කරයි.
කෙසේ වෙතත් ආයෝජක විශ්වාසය පිළිබිඹු කරමින් කොටස් වෙළඳපොළට හා රාජ්‍ය සුරැකුම්පත්වලට ඉහළ විදේශීය ලැබීම් සමග ගෙවුම් තුලනයේ මූල්‍ය ගිණුම අඛණ්ඩව ශක්තිමත් වූ බවත් 2017 සැප්තැම්බර් අවසානයේදී එහි අතිරික්තය ඩොලර් බිලියන 2ක් බවත් ඔවුන් පවසයි.