රු බි 27.8ක් ඊයේ අච්චුගහලා
ආණ්ඩුව ඊයේ (සැප්. 16) රු. මිලියන 27,808 ක් මුද්‍රණය කර ඇති බවත් එය පෙරේදා (15දා) දිනය හා සැසඳීමේ දෙගුණය වැඩිවීමක් බවත් හිටපු ආණ්ඩුකාර රංජිත් කීර්තිතෙන්නකෝ මහතා පවසයි.
ඊයේ වන විට, මුදල් මුද්‍රණයේ මුහුණත අගය ( FVMP – Face value money printing - FVMP) රු. මිලියන 1,577,610.13 (ට්‍රිලියන 1.5776) දක්වා වැඩි වූ අතර, පෙරේරා (සැප්.15) එය රු. මිලියන 1,556,004.13 (රු. ට්‍රිලියන 1.5560) ක් වූ බවත් ඔහු පෙන්වා දෙයි.
ඊයේ වන විට අඛණ්ඩව 14 දිනයටත් මුදල් අච්චු ගැසීම ඉතිහාසයේ ඉහළම අගයන් වාර්තා කර ඇති බවත් අගෝස්තු 30 දින රු. ට්‍රිලියන 1.3177 ක් වූ අච්චු ගැසූ මුදල, දින 17 ක දී, රු. ට්‍රිලියන 0.2599 කින් වැඩිවී ඇති බවත් ඔහු පෙන්වා දෙයි.
“රජයකට මුදල් අච්චු ගැසිය හැකි නමුත් පාන්, හාල්, සීනි, ගෑස්, අච්චු ගැසිය නොහැකිය. අච්චු ගසන සල්ලි අනුභව කළ නොහැකි බැවින්, එම මුදල් වැය කර පාන්, හාල්, සීනි වැනි භාණ්ඩ මිලදී ගැනීමට පාරිභෝගිකයෝ පෙළඹෙති. දෛනිකව, බඩු මිල ඉහළ යන්නේ වටිනාකමක් නැති මුදල් නොට්ටුව දෛනිකව අච්චු ගැසීම නිසාය.” යැයි ඔහු පවසයි.
popular news
-
HARAMANIS Saturday, 18 September 2021 09:07 PM
ANDUWAKATA SALLI ACHCHU GAHANNA BARIDA ?????
Reply : 0 0
HARAMANIS Sunday, 19 September 2021 03:59 PM
SALLI ACHCHU GAHANNE NATHIWA AMBANNE NAHANE
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

