ණය අයකර ගැනීම රු. මි 300 ඉක්ම වූ නිවාස සංවර්ධන අධිකාරිය
ජාතික නිවාස සංවර්ධන අධිකාරිය නොවැම්බර් මාසයට අදාළව ණය අයකර ගැනීම හා දේපළ බැහැර කිරීමෙන් රුපියල් මිලියන 303ක ආදායමක් උපයා ගැනීමට හැකියාව ලැබී ඇතැයි එහි සභාපති රජීව් සූරියආරච්චි මහතා පවසයි.
ඔහු සඳහන් කරන්නේ රටතුළ පැවැති අරගලකාරී තත්ත්වය හා ආර්ථික අර්බුධය හේතුවෙන් පසුගිය මාර්තු මාසයෙන් පසුව ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ ණය අයකර ගැනීම බොහෝ සෙයින් පහත වැටී තිබූ බවයි.
ඒ අනුව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් මත ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සියළුම දිස්ත්‍රික් කළමණාකරුවන් මහනුවරට කැඳවා මසකට රුපියල් මිලියන 300ක ණය මුදලක් එකතු කර ගැනීමේ ඉලක්කය ලබාදී ඒ සඳහා නව සැලැස්මක් හඳුන්වාදුන් බවත් සභාපතිවරයා සඳහන් කළේය.
මෙම මාසයේදීත් ජාතික නිවාස සංවර්ධන අධිකාරිය රුපියල් මිලියන 300 ඉක්මවූ ආදායමක් අපේක්ෂා කරන බව කී සභාපතිවරයා ලබන වසරේදීත් ආදාම් තත්ත්වය මෙලෙසින්ම පවත්වා ගැනීමට අවශ්‍ය සැලසුම් ජාතික නිවාස සංවර්ධන අධිකාරිය දැනටමත් සකස් කොට අවසන් බවද පැවසීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

