මම ගොඩවුණේ පැද්දෙන නැවකට - ධම්මික
තමන් ගොඩ වූයේ ගිලෙන නැවකට නොවන පැද්දෙන නැවකට බව පාර්ලිමේන්තු මන්ත්‍රී, ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා පවසයි. පාර්ලිමේන්තු මන්ත්‍රීධුරයේ දිවුරුම් දිමෙන් අනතුරුව පාර්ලිමේන්තුවෙන් පිටවී යන අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය.
තමන්ගේ වත්කම් බැරකම් හා බදු ගෙවීම් පිළිබඳ වාර්තා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස දිවුරුම් දීමට පෙරාතුව කථානායකවරයාට ලබාදෙමින් ආදර්ශයක් දුන් බවද ඔහු පැවැසීය.
තමාට මොන අමාත්‍යධුරය ලැබුණත් එහි වගකීම් උපරිමව ඉටු කරන බවත් තමන් ණය ගැනීමට වඩා දන්නේ ඩොලර් උත්පාදනය කිරීමට බවත් මන්ත්‍රීවරයා සහන් කළේය.
පෝලිම් නිර්මාණය වී තිබෙන්නේ ඩොලර් නැතිනිසා බවත් අර්බුදය ක්ෂණිකව විසඳිය නොහැකි බවත් ඔහු පැවැසිය.
popular news
-
LGPJ Wednesday, 22 June 2022 03:52 PM
Good Night to you in so called moving ship.
Reply : 0 0
K. Ranaweera Thursday, 23 June 2022 03:33 AM
But you imported Garbage containers from UK by a different ship.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

