සහන අය වැයෙන් රාජ්ය සේවක වැටුප් වැඩි කරයි
ජීවන වියදම ඉහල යාමට මුහුණ දීම සඳහා සහන අය වැයෙන් රාජ්ය සේවකයින්ගේ මාසික වැටුප වහාම ක්රියාත්මක වන පරිදි වැඩි කිරිමට අගමැති රනිල් වික්රමසිංහ මහතා තීරණය කර තිබේ.
දිනෙන් දින වැඩිවන ජීවන වියදමට මුහුණ දීම සඳහා රජයේ සේවකයන්ට ශක්තියක් වීම සඳහා අග්රාමාත්යවරයා මෙම තීරණය ගෙන තිබේ.
යහපාලන රජය බලයට පත් වූ විගස දින සියයක් ඇතුළත රජයේ සේවකයින්ගේ වැටුප රුපියල් 10,000 කින් වැඩි කිරීමට පියවර ගත් පරිදිම, මේ අවස්ථාවේදීත් කාලයත් සමඟ ජීවන වියදම වැඩි වීම සැලකිල්ලට ගෙන රාජ්ය සේවක පඩි වැඩි කිරීම කළ යුතු බව අයවැය යෝජනා සකසන නිලධාරීන්ට රනිල් වික්රමසිංහ මහතා දැනුම් දී තිබේ.
මෙම රජයේ සේවකයන්ගේ වැටුප් වැඩි වීමට සමාන්තර ලෙස පුද්ගලික අංශයේද වැටුප් වැඩිකරන ලෙස අගමැති රනිල් වික්රමසිංහ මහතා අයවැය ඉදිරිපත් කරමින් ඉල්ලා සිටීමට නියමිතය.
popular news
-
sg Thursday, 26 May 2022 11:20 AM
Perfect decision. People are suffering from high inflation with the increased f the process of all goods and services. Also need to safety net for the most vulnerable people of the society.
Reply : 1 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

