මාරක රිය අනතුරකට ජනනාත් වරකාගොඩ රිමාන්ඩ්
කොළඹ - නුවර ප්රධාන මාර්ගයේ කිරිල්ලවලදි පදික මාරුවක ගමන් කළ කාන්තාවක් රිය අනතුරකට ලක්කර ජීවිතක්ෂයට පත්කිරීම හේතුවෙන් ප්රසිද්ධ කලා ශිල්පියෙක් වන ජනනාත් රංගන වරකාගොඩ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත තිබේ.
අද අලුයම 5.30ට පමණ මෙම අනතුර සිදුව තිබේ. කොළඹ දෙසට ඔහු ගමන් කළ මෝටර් රථයේ ගැටි මෙම අනතුර සිදුව තිබේ. අනතුරින් බරපතල තුවාල ලැබූ අවුරුදු 62ක කාන්ාව රාගම රෝහලට ඇතුළත් කිරිමේදී ජීවිතක්ෂයට පත්ව ඇත.
සැකකරු අත්අඩංගුවට ගෙන මහර මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව එළැඹෙන 18 දා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
ජනනාත් වරකාගොඩ ලංකාවේ ප්රසිද්ධ කලා පවුලක් වන විජේරත්න වරකාගොඩ පවුලේ පුතා වෙයි.

popular news
-
Champa Tuesday, 12 March 2019 08:13 PM
අර cartoon එකේ වගේ මේ පාර බැලුම පිම්බුවේ පොලිසියද? (වෙරි බීපු) මෝටර් සයිකලයක් ඇවිල්ල තමන්ගේ වාහනේ හැප්පුනා, නමුත් තමන් වාහනේ එලෙව්වේ බීල කියන එක කාටවත් වැඩක් නැහැ කියපු ලාල්කාන්ත වගේ අන්තිමට මේකත් කියයිද දන්නේ නැහැ සුදු ඉර උඩ වැනි වැනි හිටපු කාන්තාවක් ඇවිල්ල වාහනේ හැප්පුන කියල. අපරක්ෂාකාරීව පදවන වාහන හින්ද මොන තරම් නම් ජීවිත අකාලේ නැති වෙනවද? වෙලා තියෙන්නේ මාර්ග නීති කඩන එකට දෙන දඬුවම් ලිහිල් වෙච්ච එක.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

