මෙවර ඡන්ද ප්‍රතිඵලයත් අච්චාරුවක්
මේ ඡන්දයට විශාල පිරිසක් ඡන්දය පාවිච්චි කරන්නේ නැහැ, මේ පාර එන ඡන්ද ප්‍රතිඵලයත් අච්චාරු ප්‍රතිඵලයක් යැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
අමාත්‍යවරයා එසේ පැවසුවේ ශ්‍රී ලංකාවේ විශාලතම හා තාක්ෂණයෙන් උසස් පොහොර නිෂ්පාදනාගාරය වන හොරණ මිල්ලෑවේ ලංකා බයෝ ෆර්ට්ලයිසර් කර්මාන්ත ශාලා පරිශ්‍රය විවෘත කිරීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු ලබාදෙමිනි.
මේ ඡන්දයෙන් පස්සේ පක්ෂ තව තවත් දෙකට තුනට කැඩිලා, ඡන්දෙ ඉල්ලන ගොඩක් කට්ටියට නායකයන්ට එළියට යන්න වෙනවා. ඒගොල්ලො ලොකු බලාපොරොත්තු කියලා තියෙන්නේ දැන් ඔක්කොම සියයට 50 කටත් උඩින් ඉන්නේ. සියයට 50 කට පහලින් ගන්න ඔක්කොම නායකයෝ පාක්ෂිකයන් එළවල දාවි.
ආණ්ඩුව පළාත් පාලන මැතිවරණය පිළිබඳ මහා දැවැන්ත උවමනාවක්, බලාපොරොත්තු කණ්ඩායමක් නොවෙයි. පළාත් පාලන මැතිවරණය ඉල්ලුවේ කවුද ඉල්ලුව අයට අපිට වඩා අමාරුයි. කාගෙ කාගෙත් කෙරුවාව මේ ඡන්දෙන් පස්සෙ බලාගන්න පුළුවන් යැයි අමාත්‍යවරයා පැවසීය.
popular news
-
Demuni Uduwara Tuesday, 24 January 2023 11:09 PM
Mr. Amaraweera, Where do you live ?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

