අහාර නාස්තිය පාලනය කිරීමට එක්විය යුතුයි - ජනපති
ස්වභාව ධර්මයාගේ වර්ධනයට මානව කි‍්‍රයාකාරකම් තර්ජනයක් නොවිය යුතු අතර, මනුෂ්‍ය වර්ගයාගේ ප්රමුඛ වගකීම වන්නේ ස්වභාව ධර්මයේ ශක්තිය වර්ධනය කිරීම බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අවධාරණය කරයි.
ජනාධිපතිවරයා මේ බව අවධාරණය කළේ අද (25දා) සිංගප්පූරුවේ දී ආරම්භ කෙරුණු එක්සත් ජාතීන්ගේ ආසියානු ශාන්තිකර කලාපීය පරිසර අමාත්‍යවරුන්ගේ සහ පරිසර ආයතන ප්‍රධානීන්ගේ සමුළුවේ ප්‍රධාන දේශනය සිදු කරමිනි.
මෙහි දී සමුළුව ඇමතූ ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ පෘථිවියේ සමස්ත ජීවයම තිරසර ලෙස පවත්වාගෙන යෑමේ වගකීම මිනිසා සතු බව බෞද්ධයෙකු ලෙස තමා දැඩිව විශ්වාස කරන බවයි.
මිනිසාට ජීවත්වීමට සුදුසු පරිසරයක් ගොඩනැඟීමත්, පරිසර හිතකාමී ලෙසට ගෝලීය ආර්ථිකය මෙහයවීමත් ප්‍රධාන වගකීම බව පෙන්වා දුන් ජනාධිපතිවරයා පරිසරය වෙනුවෙන් යුතුකම් ඉටුකිරීමට කලාපීය සහයෝගිතාව වර්ධනය කර ගැනීමේ වැදගත්කම ද අවධාරණය කළේය.
ආහාර නාස්තිය පාලනය කර ගැනීමට කලාපයේ රටවල් එක්ව කටයුතු කිරීම පිළිබඳ යෝජනාවක් ද එක්සත් ජාතින්ගේ පරිසර සමුළුව වෙත ඔහු ඉදිරිපත් කළේය.

popular news
-
Kumar Friday, 25 January 2019 10:25 PM
ඔය සියලුම නාස්ති කිරීම් නවතන්න නම් ලෝකෙවටේ රවුම් යන්නේ නැතිව රටවටේ යන්න.
Reply : 0 0
rocky Saturday, 26 January 2019 06:01 AM
දේශපාලුවන්ට හිතේ හැටියට මුදල් නාස්ති කරන්න ඉඩ දෙනු. ජනතාව නොකා නොබී සිටීමෙන් ආහාර නාස්තිය පාලනය කර ගත යුතුයි!
Reply : 0 0
Champa Saturday, 26 January 2019 09:33 AM
ලංකාවෙන් නම් ඉස්සෙල්ල පටන් ගන්න ඕනේ පාර්ලිමේන්තුවෙන්. ලොකුම ආහාර නාස්තිය කරන්නේ රිලව් නෙමෙයි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට subsidy එකට කන්න දෙන එක නවත්තන්න ඕනේ.
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

