කපිල චන්ද්‍රසේන හා බිරිඳ රිමාන්ඩ්
4.28 PM කපිල චන්ද්‍රසේන හා බිරිඳ රිමාන්ඩ්
දූෂිත යැයි පවසන එයාබස් ගනුදෙනුව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ශ්‍රී ලන්කන් හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා හා ඔහුගේ බිරිඳ එළැඹෙන 19 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.
10.42 AM කපිල චන්ද්‍රසේන හා බිරිඳ අත්අඩංගුවට
දූෂිත එයාබස් ගනුදෙනුව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර සිටි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන හා ඔහුගේ බිරිඳ අද පෙරවරුවේ නීතිඥයින් මාර්ගයෙන් රහස් පොලීසියට භාර වී තිබේ.
ඒ අනුව ඔවුන් අත්අඩංගුවට ගන්නා බවත් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බවත් පොලීසිය සඳහන් කරයි.
මේ වන විට රහස් පොලීසිය ඔවුන්ගෙන් ප්‍රකාශ සටහන් කරගනිමින් පවතී.
ඡායාරූප ඉසුරු පෙරේරා










popular news
-
Chandrasena Thursday, 06 February 2020 06:40 PM
උපුටා ගැනීමකි - මේක එළියට ආවේ ඇමරිකාව, එංගලන්තය හා ප්‍රංශයේ ඒකාබද්ධ අධිකරණ කටයුත්තකින්... මේ පිළිබඳව එයාර් බස් සමාගමට එළිකරන්න වූ නිසා. මෙම ගනුදෙණුවට මුළු අල්ලස ඩොලර් මිලියන් 16 ක්... එයින් ඩොලර් මිලියන් දෙකක් ගත්තා. ඊට පස්සේ යහපාලන ආණ්ඩුව මේ ගනුදෙනුව ගැන සැක හිතලා එයාර් බස් 10 ගන්න එක 2015 නැවැත්තුවා. මතකද මන්දා මේ එක ප්ලේන් එකක් වෙන් කරේ මහින්ද මහත්තයට. මේකට කපිල චන්ද්‍රසේන අහු වුනාට මේක පිටිපස්සේ ආර්යාවගේ සහෝදරයා, තව චමල්ගේ පුතා ඇතුළු සෙට් එකක් ඉන්න ඕනේ. යහපාලන ආණ්ඩුවට පින් දෙන්න මේ මරාලෙන් ලංකාවට වෙන්න ගිය පාඩුව නවත්තුවට. ඊට පස්සේ දවස් 56 ආණ්ඩුව ඇවිල්ල අපහු මේ පුද්ගලයාව දාලා ඉතුරු මිලියන් 14 ගේම දෙන්න බැලුවා. රටේ වාසනාවට කරුලා කෙලින් හිටපු නිසා දෙවැනි පාරටත් රට බේරුණා
Reply : 0 0
Kumar Thursday, 06 February 2020 09:06 PM
මොන වෙසින් ආවත් හොරා හොරාමයි. රෝහලටක ඇතුල් වෙන්නේ කවදද? මෙම වරදට වරද කාර්ය වුවහොත් ඔවුන් සතු දේපොළ රාජසන්තක වෙනවද? පසුගිය දිනවල් අල්ලසක් සම්බන්ධයෙන් වරදකරු වුන අයට වගෙ අයතා විධියට උපයාගත් වත්කම් රාජසන්තක කරන එකක් නැහැ නේද.? මෙවැනි වරදට තද නීති නැතුව මෙවනිදේ නවතන්නේ කොහොමද. කතාව විතරද?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

