අසාද් සාලි මල්වතු මහනාහිමි බැහැ දකි
බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි මහතා අද 20 වනදා පෙරවරුවේ මහනුවරට පැමිණ අස්ගිරි මල්වතු මහ නාහිමිවරුන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.
අද පෙරවරුවේ අස්ගිරි මහා විහාරයට ගොස් අස්ගිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ඥාණරතන හිමියන්ගෙන් බැහැ දැක ආශිර්වාද ලබා ගැනීමෙන් පසුව මල්වතු මහා විහාරයට ගොස් මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහ නාහිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.
මෙහිදී මල්වතු මහ නාහිමියන් අසාද් සාලි මහතාගෙන් ඉල්ලා සිටියේ ශ්රීඝ්රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින මත්ද්‍රව්‍ය වලට එරෙහිව සියලු කටයුතු සිදු කරන ලෙසයි.

popular news
-
rocky Monday, 21 January 2019 06:15 AM
"අසාධු අලි " මහත්තය " ලොකු සාධු" හමුවීම .. අපූරුයි!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

