ඇඳිරි නීති බලපත්‍ර අවභාවිතා කරන්නන්ට දැඩි දඬුවම් දෙන්න - ප්‍රසන්න
ඇදිරි නිතී බලපත්‍ර අවභාවිතා කරන පුද්ගලයන්ට එරෙහිව දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කරන ලෙස කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන්සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා ආරක්ෂක අංශ වලින් ඉල්ලීමක් කරයි.
ඔහු පෙන්වා දෙන්නේ අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාම සදහා ලබා දුන් ඇදිරි නීති බලපත්‍රය ඇතැම් සංවිධානාත්මක පුද්ගලයන් අවභාවිතා කරමින් සිටින බවට තොරතුරු ලැබී ඇති බවයි.
ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී අද (29) පැවති සාකච්ඡාවේදී ඇමති ප්‍රසන්න රණතුංග මහතා මේ බව සඳහන් කළේය.
ඇදිරි නීතිය බල පැවැත්වෙන කාලය තුළ ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාවට සහන සැලසීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා මෙම රැස්විම කැඳවා තිබුණි.
අත්‍යාවශ්‍ය සේවා පවත්වාගෙන යාම සදහා ඇදිරි නීති බලපත්‍ර නිකුත් කිරීමේදී අත්‍යාවශ්‍ය අයට පමණක් ඒවා නිකුත් කරන ලෙසත් ප්‍රාදේශිය ලේකම්, ප්‍රාදේශිය සභා, නගර සභා සභාපති, පොලිස් ස්ථානය, සමූපකාර, සෞඛ්‍ය අංශ නියෝජිතයන්ගෙන් සමන්විත කමිටුවක් හරහා අත්‍යාවශ්‍ය සේවා සදහා ඇදිරි නීති බලපත්‍ර නිකුත් කිරීමේ කටයුතු කරන ලෙස ඇමතිවරයා මෙහිදී උපදෙස් දුන්නේය.
ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාවට අවශ්‍ය ඖෂධ ලබාදීමේ වැඩපිළිවෙල ක්‍රමවත් කිරීම කෙරෙහිද මෙහිදි අවධානය යොමු කෙරිණි. ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙහිදී පෙන්වා දුන්නේ තොරාගත් පෞද්ගලික ඖෂධ අලෙවි සැල් හරහා පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලය හා පොලීසිය මැදිහත්ව මේ සදහා වැඩසටහනක් වහාම ආරම්භ කල යුතු බවයි.
ගම්පහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරිය මෙහිදී කියා සිටියේ මේ සදහා ගම්පහ දිස්ත්‍රික්කයේ පෞද්ගලික ඖෂධ අලෙවි සැල් කීපයක් බැගින් මේ සදහා තෝරාගෙන ඇති බවයි. මෙම ඖෂධ අලෙවි සැල් විවෘත කර ජනතාවට අවශ්‍ය ඖෂධ ලබාදීමේ වැඩසටහන ප්‍රජා පොලිස් සේවයේ මැදිහත් වීමෙන් සිදු කිරීමට මෙහිදී තීරණය විය.
ගම්පහ දිස්ත්‍රික්යේ මේ වන විට හඳුනාගෙන ඇති කොවිඩ් 19 හෙවත් කොරෝනා රෝගීන් සංඛ්‍යාව 10ක් බව ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ දිලිනි විජේසේකර මහත්මිය මෙහිදී සඳහන් කළාය. ජා ඇලින් 06ක්, වත්තල , මිනුවන්ගොඩ, මහර, කැළණිය, ප්‍රදේශවලින් 01 බැගින් කොරෝනා රෝගීන් හදුනාගෙන තිබේ. මීට අමතරව නිරෝධාන මධ්‍යස්ථාන වල සිටි ගම්පහ දිස්ත්‍රික්කයේ පදිංචි පුද්ගලයන් 08 දෙනෙකු කොවිඩ් 19 ආසාධිතයන් ලෙස හදුනාගෙන ඇත.
දැනට කොවිඩ් 19 අසාධිත බවට සැක කෙරෙන පුද්ගලයන් 20ක් පමණ රාගම, මීගමුව, හා ගම්පහ රෝහල්වල ප්‍රතිකාර ලබති. කොරෝනා ආසාධිත 10 දෙනා සමග සෘජුවම සම්බන්ධ වූ 115 දෙනෙකු මේ වන විට ස්වයං නිරෝධානයට ලක්කර තිබේ. විදේශවලින් පැමිණි 1800ක් පමණ මේ වන විට ස්වයං නිරෝධානයට ලක් කර ඇත. කන්දකාඩු නිරෝධාන මධ්‍යස්ථානයේ නාරෝධානය වූ 190 දෙනෙකු දිස්ත්‍රික්කයට පැමිණ ඇති අතර ඔවුන්ද නිවෙස්වල ස්වයං නිරෝධානයට ලක් කර තිබේ. මීට අමතරව චෙන්නායි සිට පැමිණි 13 දෙනෙකු ද මේ වන විට ස්වයං නිරෝධානයට ලක් කෙරෙන බවද දිලිනි විජේසේකර මහත්මිය කීවාය.

popular news
-
Mama Sunday, 29 March 2020 06:03 PM
Habai අපේ එකෙක් ආවොත් අරින්න
Reply : 0 0
Lelwala Sunday, 29 March 2020 08:42 PM
Hon .Minister. Due to indefinitely curfew in Gampaha District people have hard time to buy essentials items .Many people have no money . How they buy essentials items without money? Please arrange the mobile ATM machine to withdraw the money and online purchasing essentials items from සතොස in Gampaha District.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

