කැලයේ තනිකර දමා ගිය බිලිඳිය රෝහලෙන් පරිවාසයට
තම මව විසින් කැලයේ දමා යාමෙන් පසුව පුත්තලම මුලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි බිලිඳිය අද ( 27 ) දින පරිවාස හා ළමා ආරක්ෂක අධිකාරියට අධිකරණ නියෝග මත භාර දිම සිදුකල බව පුත්තලම මුලික රෝහලේ අධ්යක්ෂ සුමිත් අත්තනායක මහතා පැවසිය.
මෙම බිලිඳිය පසුගිය 6 දින ඇගේ මව විසින් ප්‍රසුත කර පැය කිපයක් තුළදි කඩදාසි තුළ ඔතා පුත්තලම කුරුණැගල මාර්ගයේ අට්ටවිල්ලුව රක්ෂිතය තුළ වන ලැහැබක දමා ගොස් තිබු බව පැවසේ.
පසුව එම ස්ථානයට ශරිර අවශ්‍යතාවයක් සදහා ගිය පුද්ගලයකු බිලිදෙකු හඬනවා ඇසි වහාම පොලීසියට දැන්විමෙන් පසුව පොලීසිය බිලිදිය පුත්තලම මුලික රෝහලට ඇතුලත් කර තිබු බව පැවසේ.
බිලිදිය පුත්තලම රෝහලේ නොමේරු ඒකකයට එදිනම ඇතුලත් කර තිබු අතර එහිදි රෝහල් වෛද්‍ය කාර්යය මණ්ඩලය බිලිදිය පිරිසිදු කර ප්‍රතිකාර ලබා දිම ආරම්භ කර තිබුනී.
කෙසේ වෙතත් බිලිදිය පිළිබදව මාධ්‍ය මගින් දිගින් දිගටම තොරතුරු වාර්තා කිරිමත් සමග මෙම බිලිදිය හදා ගැනිමට රට පුරා දහසකට ආසන්න දරුවන් අහිමි යුවලවල් දැඩි ප්රයත්නයක් දරා තිබුනී.
කෙසේ වෙතත් පුත්තලම පොලීසිය මේ පිළිබඳව පුත්තලම පරිවාස කාර්යාලයට දැනුම් දිමෙන් පසුව පරිවාස නිලධාරින් පුත්තලම අධිකරණයට මේ පිළිබඳව දැන්විමෙන් පසුව පුත්තලම දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් අනුර ඉන්ද්‍රජීත් බුද්ධදාස මහතාගේ නියෝග මත පරිවාස භාරයට බිලිදිය ලබා දිමට නියෝග කර තිබුනී.
ඒ අනුව අද දින පුත්තලම ප්‍රධාන පරිවාස නිලධාරි ආර්.එම් .රණතුංග මහතා විසින් පුත්තලම මුලික රෝහලට පැමිණි රෝහල් කාර් ය මණ්ඩලය අතින් මිගලෑව අමිල සේවන රජයේ ළමා නිවාසයේ ප්‍රධාන පාලිකාවට බිලිදිය භාර දීම සිදුවිනී.

popular news
- 
                            janahitha Sunday, 29 December 2019 03:20 PM තැනක් නොතැනක් නැහැ ශරිර අවශ්‍යතාව. හපොයි පොඩි දරුවා Reply : 0 0 
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

 
                     
  
  
 
 
                     
                                 
                                 
                                 
                                 
  
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                