මීට වසර කිහිපයකට ඉහතදී මියන්මාර් රජයෙන් බෙල්ලන්විල රජමහා විහාරස්ථානයට පරිත්‍යාගය කරන ලද මියන් කුමාර් ඇත් රාජයා ලවා විහාරස්ථානය ආසන්නයේ මඩෙහි එරුණු ලොරියක් අද (20) දහවල් ගොඩට ගැනීමට ඇත්ගොව්වා හෙණ්ඩුවෙන් වැරෙන් පහර දෙමින් දැඩි උත්සාහයක යෙදෙන අයුරු දුටු එහි සිටි බොහෝ පිරිසක් තම අප්‍රසාදය පළ කළහ.
පුණ්‍ය කටයුතු සඳහා යෙදවීමට පමණක් මෙම ඇත් රාජයා ප්රදානය කර තිබිණි මේ ආකාරයෙන් කෘෘර වදහිංසාවට ලක්කල හොත් තායිලන්තය රජයේ මුතු රාජා ඇතා රැගෙන ගියා සේ මෙම ඇතා ද අහිමි වීමට බොහෝ දුරට ඉඩ ඇතැයි පරිසරවේදීහු පවසති


