ජනපති පැමිණෙයි කටුනායක ආරක්ෂාව දැඩි ලෙස තර කරයි
බ්‍රිතාන්‍යය එලිසබෙත් මහ රැජිනගේ අවමංගල්‍ය උත්සවයට සහභාගී වීම සදහා එංගලන්තය බලා ගොස් සිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු දූත පිරිස සිය සංචාරය නිමා කර අද උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා සනාථ කළේය .
ඔවුන් ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 650 දරන ගුවන් යානයෙන් 09/21 දින උදෑසන 08.23 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.මෙය ජනාධිපතිවරයාගේ පළමු විදේශ සංචාරයයි.
ජනාධිපතිවරයාගේ මෙම පැමිණීම වෙනුවෙන් කටුනායක ගුවන් තොටුපළ තුළත් ඒ අවට ප්‍රදේශය තුළත් කොළඹ කටුනායක අධිවේගී මාර්ගය දෙපසත් සහ ගුවන් ධාවන පථය අවටත් ආරක්ෂාව දැඩි ලෙස තර කර තිබුණි .
popular news
-
Prasa Sunday, 25 September 2022 08:53 AM
Meya Landgadeema Hamuda we ayakagen Illan kai.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

