බදුල්ල - කොළඹ නව දුම්රිය සේවයක්
බදුල්ල - කොළඹ අතර ප්රථම වරට රාත්රි 9.00 ට නවීන පහසුකම් වලින් සමන්විත සහනදායී මුදලකට නවතම සුඛෝපභෝගී සිඝ්රගාමි දුම්රිය සේවයක් ආරම්භ කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
දිනපතා බදුල්ල දුම්රිය ස්ථානයෙන් රාත්රි 9.00 ට මහනුවර හරහා කොළඹ බලාද,කොළඹ සිට රාත්රි 8.30ට ට බදුල්ල බලා මෙම දුම්රිය ධාවනය වන බවත් , මේ සදහා නවීනතම පහසුකම් වලින් සමන්විත සීඝ්රග්රාමි S-14 වර්ගයේ නවතම දුම්රිය දෙකක් යොදවා ඇතැයි දුම්රිය බළධාරීන් කීහ.
රාත්රි තැපැල් දුම්රිය පස්වරු 5 .55ට බදුල්ල දුම්රිය ස්ථානයෙන් කොළඹ බලා ගමන් ආරම්භ කිරිමෙන් අනතුරුව රාත්රි 9.00ට බදුල්ල දුම්රිය ස්ථානයෙන් කොළඹ බලා ධාවනය වන මෙම සීඝ්රග්රාමි දුම්රියේ තෙවන පංතියේ බදුල්ල සිට කොළඹට ගමන් ගාස්තුව රුපියල් 275ක් වන අතර , මහනුවරට ගමන් ගාස්තුව රුපියල් 195ක් බව බදුල්ල දුම්රිය ස්ථානාධිපති කේ .සතිස්කුමාර මහතා පැවසීය.
මෙහි 1 වන පංතියේ වායු සමීකරණ මැදිරියක ආසනයක් රුපියල් 1500ක් වන බවත් , 2 වන පංතියේ බදුල්ල සිට කොළඹට ගමන් ගාස්තුව රුපියල් 490කි.මහනුවරට රුපියල් 350ක් වන අතර බදුල්ල සිට කොළඹට පැය 9,1/2ක් වැනි ඉතා කෙටි කාලයකින් මෙම දුම්රියෙන් ලගා වීමට හැකි බවද හෙතෙම වැඩිදුරටත් සදහන් කළේය.
ඇල්ල ප්රසාද් රුක්මාල්

popular news
-
HARAMANIS Wednesday, 26 January 2022 03:19 PM
MONA SERVICE EKA DAMMATH OTHANA INNA NILADARIN STRIKE KARANA UN TKA IWATH KALAYUTHUI.
Reply : 11 12
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

