පිළියන්දල සුවාරපොල නිවසක් තුළ සැකකටයුතු අයුරින් මියගොස් තිබූ කාන්තාවකගේ මළ සිරුරක් පෙරේදා සවස හමුවූ බව පිළියන්දල පොලිසිය සඳහන් කරයි.
නිවස තුළ එල්ලෙමින් තිබූ මළසිරුරේ දෙඅත් පටියකින් ගැට ගසා තිබූ බව පොලිසිය කියයි. මෙලෙස මියගොස් තිබුණේ රසිකා ප්‍රියදර්ශනී නමැති 27 හැවිරිදි විවාහක කාන්තාවකි.
මියගිය කාන්තාව මීට දින කිහිපයකට ඉහත දී සැමියා සමග අමනාප ව මවගේ නිවසට පැමිණ සිටියදී මෙලෙස සැකකටයුතු ලෙස මියගොස් ඇතැයි පොලීසිය සඳහන් කරයි.
සිද්ධිය වූ ස්ථානයේ පොලිස් ආරක්ෂාව යොදවා මහේස්ත්‍රාත් පරීක්ෂණයක් ද පැවැත්විණි. මළ සිරුර කළුබෝවිල ශික්ෂණ රෝහලේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය අද පැවැත්වීමට නියමිතය.
ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මංගල දෙහිදෙණිය, සහකාර පොලිස් අධිකාරී ජනක පුෂ්පකුමාර මහත්තුරුන් ගේ උපදෙස් මත පිලියන්දල පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පුෂ්පකුමාර ෆර්ඩිනැන්ඩු මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පැවැත්වේ