උපකාරක පන්ති ගිය සිසුවා මහවැලි ගඟට බිළිවෙයි
නාවලපිටිය ප්‍රදේශයේ උපකාරක පන්තියකට සහභාගි විමට ගොස් මිතුරන් සමග මහවැලි ගගේ දිය නැමට ගිය පාසල් සිසුවෙක් දියේ ගිලි ජිවිතක්ෂයට පත් වි ඇති අතර දියේ ගිලුණු තවත් පාසල් සිසුවෙක් නාවලපිටිය මුලික රෝහල වෙත ඇතුළත් කර ඇති බව නාවලපිටිය පොලිසිය පැවසිය.
මෙසේ මිය ගොස් ඇත්තේ ගිනිගත්හේන මධ්‍යම මහා විද්‍යාලයේ උසස් පෙල හදාරණ නාවලපිටිය හල්ගොල්ල හපුගස්තලාවේ පදිංචි විදුල රසාංජන ඉලංගකොන් නැමති 18 හැවිරිදි පාසල් සිසුවයි.
නාවලපිටිය නගරයේ උපකාරක පන්තිවලට සහභාගි වන බව පවසමින් නිවසෙන් පැමිණ ඇති ජිවිතක්ෂයට පත් සිසුවා තවත් සිසුන් කිහිපදෙනෙකු සමග මහවැලි ගගේ නාවලපිටිය හයිපොට් ප්‍රදේශයේදි ගගට බැස දිය නාමින් සිටියදි අද (13) දහවල් 12 ට පමණ සිසුන් තිදෙනෙක් දියේ ගිලි ඇත.
මහවැලි ගග අසල පෞද්ගලික ඉඩමක ගොඩනැගිල්ලක් ඉදි කරමින් සිටි සේවකයන් පිරිසක් විසින් දියේ ගිලුණු සිසුන් දෙදෙනා ගොඩට ගෙන රෝහල් ගත කිරිමේදි එක් සිසුවෙක් ජිවිතක්ෂයට පත් වි ඇති අතර තවත් සිසුවෙක් නාවලපිටිය මුලික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබයි. දියේ ගිලුණු අනෙක් සිසුවා බාහිර රෝගි අංශයෙන් ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇති බවද නාවලපිටිය පොලීසිය පැවසිය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

