ඊලාම්” පිළිබඳව සඳහන් ප්‍රශ්නාවලිය ඉවත් කරන කරන ලෙස ගාඩියන් පුවත්පතෙන් ඉල්ලයි
2020 මැයි 15 වැනි සිකුරාදා එක්සත් රාජධානියේ ‘ද ගාඩියන්’ පුවත්පතේ වෙබ් සංස්කරණයේ ප්‍රකාශයට පත් කරන ලද “Travel quiz: do you know your islands, Man Friday?” යන ප්‍රශ්නාවලිය සම්බන්ධයෙන් මෙම අමාත්‍යාංශයේ අවධානය යොමු වී තිබේ.
එහි සඳහන් දෙවැනි ප්රශ්නය වන්නේ, ‘ඊලාම් යන ස්වදේශීය නාමය භාවිතා වනුයේ කුමන ජනප්‍රිය නිවාඩු දිවයිනෙහි ද?’ යන්නයි.
මෙම ප්රශ්නය සඳහා තෝරාගත හැකි පිළිතුරු වලින් එකක් ලෙස ‘ශ්‍රී ලංකාව’ ලැයිස්තුගත කර ඇති අතර, යමෙකු පිළිතුර ලෙස ශ්‍රී ලංකාව තෝරා ගන්නා විට, එය නිවැරදි පිළිතුර ලෙස දැක්වෙන අතර, තවදුරටත් විස්තරයක් ලෙස, ‘දිවයිනේ මෑත කාලීන හමුදා කැරැල්ලේ සම්පූර්ණ නාමය එල්.ටී.ටී.ඊ. - දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානය’ යන්න එහි දිස්වෙයි.
එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරිය මෙම තොරතුරුවල සාවද්‍යතාවය පිළිබඳව ගාඩියන් පුවත්පතේ කර්තෘ වෙත ලිපියක් යවමින්, මෙම අන්තර්ගතය ඉවත් කරන ලෙස ඉල්ලා සිටියාය.
කෙසේ වෙතත් අද පස්වරුව වන විට එම අන්තර්ගතය ඔවුන් ඉවත් කර තිබුණි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

