දේශපාලන පක්ෂ හා අපේක්ෂකයන් ප්‍රවර්ධනයට චිත්‍රපට යොදාගත නොහැකියි
දේශපාලන පක්ෂ සහ අපේක්ෂක ප්‍රවර්ධන සඳහා චිත්‍රපට යොදා ගැනීම වළක්වන ලෙස මැතිවරණ කොමිෂන් සභාව විසින් ජාතික චිත්‍රපට සංස්ථාව වෙත දැනුම් දී ඇත.
මේ සම්බන්ධයෙන් ජාතික චිත්‍රපට සංස්ථාව පොලිස් මුලස්ථානය වෙත දැනුවත් කර ඇති බව පොලිස් මාධ්‍ය අංශය නිවේදනය කරයි.
ඒ අනුව චිත්‍රපට ශාලාවල දර්ශන වාර ආරම්භයේදී හා දර්ශන වාර අතරතුර දේශපාලන පක්ෂ සහ අපේක්ෂකයන් ප්‍රවර්ධනය වන ආකාරයට දැන්වීම් ප්‍රචාරණය කිරීම මැතිවරණ වරදක් වන බැවින් එවැනි ක්‍රියාවන්ගෙන් වැළකී සිටින ලෙස පොලිස් මූලස්ථානය දැනුම් දෙයි.
චිත්‍රපට ශාලාවල මෙවැනි කටයුතු සිදුවේදැයි පරීක්ෂා කරන ලෙස වැඩබලන පොලිස්පතිවරයා දිවයිනේ සියලු පොලිස් ස්ථාන වෙත උපදෙස් ලබාදී තිබේ.
popular news
-
Diogenes Wednesday, 01 July 2020 07:41 AM
e wunaata guwan widuliyen `dutugamunu` naatyayak hadanawalu!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

