ජනපතිගේ වසරේ පළමු නිල සංචාරය පිලිපීනයට
2018 වසරේදී සිය පළමු නිල සංචාරය ආරම්භ කරමින් ජනපති මෛත්රිපාල සිරිසේන මහතා පිලිපීනයේ නිල සංචාරයකට එක්විමට නියමිතය. පිලිපීන ජනපති රොඩ්රිගෝ ඩුටාර්තේ මහතාගේ ආරාධනාවක් අනුව ජනපති මෛත්රිපාල සිරිසේන මහතා මෙම සංචාරයට එක්වෙයි.
ජනවාරි 15 දා සිට ජනවාරි 19 දා දක්වා ජනපතිවරයා සිය පිලිපීන සංචාරය සිදුකිරිමට නියමිතය. පිලිපීනයට මේ වසරේදී රාජ්ය නායකයෙක් සිදුකරන පළමු සංචාරයද මෙය වෙයි.
පිලිපීන රජය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ දෙරටේ රාජ්ය නායකයන් අතර දේශපාලන, ආර්ථික, සංස්කෘතික යන ක්ෂේත්ර කිහිපයකම සාකච්ඡා පැවැත්වෙනු ඇති බවයි.
ජනපතිවරයාගේ මෙම සංචාරය තුළදී පිලිපීනයේ මැනිලා නුවර පවතින ආසියානු සංවර්ධන බැංකුවේ මූලස්ථානය හා ලොස් බැනෝස්හි පවතින ජත්යන්තර සහල් පර්යේෂණ ආයතනයේද සංචාරයකට එක්වීමට නියමිතය.
1978 වසරෙන් පසුව ශ්රී ලංකා රාජ්ය නායකයෙක් පිලිපීනයේ සංචාරයකට එක්වන පළමු අවස්ථාව මෙය වන අතර 1961 වසරේදී දෙරට අතර රාජ්ය තාන්ත්රික සබඳතා ආරම්භවීමෙන් අනතුරුව ශ්රී ලංකා රාජ්ය නායකයෙන් පිලිපීනයේ කරන දෙවැනි නිල සංචාරය මෙය වෙයි.

popular news
-
Champa Saturday, 12 January 2019 10:09 PM
තකට තක දෙන්න. එක්කෙනෙක් මිනිස්සුන්ව වෙඩි තියල මරන්න කියනවා අනිත් එක්කෙනා මිනිස්සුන්ව එල්ලලා මරන්න කියනවා.
Reply : 0 0
Champa Monday, 14 January 2019 07:52 PM
ජනාධිපතිතුමා කවදාවත් ලංකාවේ සහල් පර්යේෂණ ආයතනයට ගිහින් තියෙනවද දන්නේ නැහැ නේද? ඊලඟට ඒකෙත් සංචාරය කරන්න වෙනසකටත් එක්ක. මේ කීවෙනි ගමනද? 41. රාජ්ය නායකයෙක් දවස් 5ක් නිල සංචාරයක් යනව? දවස් 5ක්?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
