අගමැතිගේ ගිණුමෙන් මුදල් ගත් ලේකම් ගැන පරීක්ෂණ
අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතාට අයත් රාජ්ය බැංකුවක පැවැති ගිණුමකින් රුපියල් මිලියන 40කට ආසන්න මුදලක් වරින් වර වංචනික ලෙස ලබාගත් බව කියන ඔහු ළඟින්ම සිටි නිලධාරියෙක් පිළිබඳව පරීක්ෂණ ආරම්භ කර ඇති බව වාර්තා වෙයි.
මෙම නිලධාරියා මේ වන විට අග්රාමාත්යවරයාගේ දැරූ සියලු කටයුතු වලින් ඉවත් කර තිබේ. අදාළ ගිණුමේ තිබූ මුදල් ඒ.ටී.එම්. කාඩ්පතක් උපයෝගී කර ගනිමින් ලබාගෙන තිබෙන බව වාර්තා වෙයි.
අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා ජනපතිවරයා ලෙස කටයුතු කරන ලද කාලයේදී ලබාගත් වැටුප මෙම ගිණුමට බැරවී ඇති බව වාර්තා වෙයි.
එහි පවතින මුදල් පිළිබඳව ඇතිවූ සැකයකින් අනතුරුව කළ පරීක්ෂණවලදී මෙම වංචාව හෙළිව ඇති බව වාර්තා වෙයි.
කලක් පාර්ලිමේන්තු මන්ත්රීවරයෙක් ලෙසද කටයුතු කර ඇති මෙම නිලධාරියා අග්රාමාත්යවරයාගේ පාර්ලිමේන්තු ලේකම් ලෙසද කටයුතු කර තිබේ.
popular news
-
Demuni Uduwara Tuesday, 25 January 2022 08:50 PM
We too say authorities to investigate his entire accounts' balances!
Reply : 1 1
Demuni Uduwara Wednesday, 26 January 2022 02:21 AM
Not the Secretary, Bribery Commission should begin an investigation against the PM, soon. Question is why he kept his account obsolete, right through?
Reply : 0 2
amila Sunday, 30 January 2022 10:21 AM
Aiyo raththaran ton 350 indiyawe kowilata Vikunapu mata Owa nothing ne
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

