නිරෝධායනය කඩ කළ පුද්ගලයකු බණ්ඩාරවෙල නගරයේ දී අත්අඩංගුවට
නිරෝධායනයට ලක් කර සිටි පුද්ගලයකු නිරෝධායනය කඩකර බණ්ඩාරවෙල නගරයට පැමිණ සිටියදී අද ( 26) අත්අඩංගුවට ගත් බව බණ්ඩාරවෙල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.
බණ්ඩාරවෙල ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි පුද්ගලයකු මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් පුද්ගලයා නිරෝධායන හා රෝග ස්පර්ශයකින් වෙන්කර තැබීමේ පනත යටතේ චෝදනා ගොනු කර බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කළ විට ඔහුව දින දාහතරක් නැවත නිවසේදීම ස්වයං නිරෝධායනයට යොමු කර මැයි මස 12 වැනි දින නැවත අධිකරණයට ඉදිරිපත් කරන ලෙස බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් කීර්ති කුඹුරු හෙන මහතා නියෝග කළේය.
බණ්ඩාරවෙල කොළතැන්න පදිංචි මොහු සංචාරක මගපෙන්වන්නකු බව සෞඛ්‍ය අංශ කියයි .
නිරෝධායන උපදෙස් කඩ කර ඇඳිරි නීති ඉවත් කළ අවස්ථාවේදී බණ්ඩාරවෙල නගරයට පැමිණ සිටියදී බණ්ඩාරවෙල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍යය පරීක්ෂකවරුන් පිරිසක් විසින් මොහු අත්අඩංගුට ගෙන තිබුණි .
බණ්ඩාරවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය වැඩිදුර විමර්ශන සිදු කරයි .

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

