සයිනොෆාම් ගැහිල්ල
චීනය ශ්‍රී ලංකාවට පරිත්‍යාගයක් ලෙසින් ලබාදුන් සයිනෝෆාම් එන්නත ජනතාවට ලබාදීම වැළැක්වීම සම්බන්ධයෙන් සිදුව ඇතැයි පැවැසෙන ක්‍රියාවලියක් පිළිබඳව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා සිය ෆේස් බුක් ගිණුමේ සටහනක් තබා තිබේ.
චීනය මුලින්ම ලබාදුන් සයිනෝෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 6 භාවිත කළේ නම් මේ වන විට එම එන්නතින් තවත් මාත්‍රා ලබාගැනීමට අවස්ථාව තිබුණ බවද ඔහු සිය සටහනින් පෙන්වා දෙයි.

සයිනොෆාම් ගැහිල්ල
චීන සයිනොෆාම් එන්නතට ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි භාවිතය සඳහා අනුමැතිය ලැබී ඇත. ශ්‍රී ලංකාවට සයිනොෆාම් එන්නත ගෙන ආවේ මාර්තු මස 31 දිනය. එසේ වුවත් එය ශ්‍රී ලාංකිකයන්ට ලබා දීමට අනුමැතියක් හිමි නොවූ නිසා සති 5ක කාලයක් මධ්‍යම එන්නත් ගබඩාවේ තැබීමට සිදු විය. චීනය ආරම්භයේ ශ්‍රී ලංකාවට සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 3ක් ප්‍රදානයක් ලෙස ලබා දීමට එකඟ විය. පසුව එය ලක්ෂ 6 දක්වා ඉහල නැංවිණි. ජනවාරි අන්තිම සතියේ හෝ පෙබරවාරි පළමු සතියේ මෙම එන්නත් මාත්‍රා ලක්ෂ 6 ශ්‍රී ලංකාවට ගෙන ඒමට අවස්ථාව තිබුන ද ඒ සඳහා අනුමැතියක් හිමි නොවීය. "අනුමැතියක් හිමි නොවීය" යනුවෙන් පවසනවාට වඩා "අනුමැතිය ලැබීම වැලක්වීය” යනුවෙන් පැවසීම නිවැරදිය.
ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා මා සමග පැවසූ පරිදි අප එම ප්රදානය නිසි අවස්ථාවේ ලබා ගත්තේනම් අද වන විට ප්රදානය මෙන් කිහිප ගුණයක් සයිනොෆාම් එන්නත ලංකාවට ගෙන ඒමටත් ජනතාවට ලබා දීමටත් අවස්ථාව තිබිණි. එය වැලක්වූයේ කොළඹ කේන්ද්‍ර කරගත් "විජාතික වෛද්‍ය ජුන්ටාව", ඔවුන්ට හිතවත් මාධ්‍යවේදීන්, විපක්ෂ දේශපාලනඥයන් කිහිප දෙනකු සහ ඔවුන්ගේ අතකොලු ලෙස ක්‍රියා කරන කිහිප දෙනෙකි. ආණ්ඩු බලය තිබිය දී මේ කණ්ඩායම පාලනය කිරීමට අපට නොහැකිදැයි කෙනකුට සිතෙන්නට පුළුවන. එහෙත් ඔවුන් නටන්නේ තමන්ගේ හයියකින් නොව චීන විරෝධී එතෙර බලවේග සහායෙන් බව පැවසිය යුතුය.
විජාතික වෛද්‍ය ජුන්ටාවේ ඇතැම් අය මට කෙලින්ම පැවසුවේ “ සයිනොෆාම් එන්නත දෙන්න තියා කතා කරන්නවත් වටින්නේ නෑ, ඔය ජරාවනම් ලංකාවට ගේන්න දෙන්නේ නෑ” ආදී වශයෙනි. ඔවුහු ඉංග්‍රීසි පුවත්පතක සේවය කරන්නියක් ලවා සයිනොෆාම් එන්නතේ නුගුණ ගැන දිගට හරහට ලිපි ලියැවූහ. සෞඛ්‍ය සේවකයන්ගේ විද්වත් සංගමයක නමින් පෙනී සිටින පුද්ගලයෙක් සයිනොෆාම් එන්නත පිටුපස මාෆියාවක් ඇති බව මාධ්‍ය හමු පවත්වමින් මර ලතෝනි දෙන්නට විය ( එකී විද්වත් සංගමයේ අනෙකුත් විද්වතුන් කවුදැයි මම තවමත් සොයමි). "ජනතාවට මරු කැන්දන චීන සයිනොෆාර්ම් එන්නත ලංකාවට” යනුවෙන් වෙබ් අඩවි සිසාරා ලිපි පළ විය.
කොටින්ම සයිනොෆාම් එන්නතට විරුද්ධව විජාතික වෛද්‍ය ජුන්ටාව අමුවෙන්ම සටනට පිවිසියේය. ආණ්ඩු විරෝධී කණ්ඩායම්, මේ ආණ්ඩුවෙන් විවිධ වරප්‍රසාද, තනතුරු තානාන්තර බලාපොරොත්තුවෙන් සිට ඒවා නොලැබීම නිසා වෛරයෙන් පසු වූ පුද්ගලයන්, තම පාණ්ඩිත්වය ප්‍රකට කිරීමට චීනුන්ගේ නොහැකියාව පළ කළ පඬින් ආදී එකී මෙකී නොකී කණ්ඩායම්, පුද්ගලයන් සයිනොෆාර්ම් විරෝධී සටන අතට ගත්හ; ඔවුහු අපේ රටේ ජනතාව චීන බාල එන්නතෙන් මුදා ගැනීමේ මානව හිතවාදී අරගලය දියත් කිරීමට, හුදී ජනතාවගේ සෞඛ්‍ය රැකගැනීමේ පතල කරුණාවෙන් සටන් බිමට පිවිසියහ; එකිනෙකා පරයා පුවත්පත් නිවේදන නිකුත් කරමින්, මාධ්‍ය හමු පවත්වමින් ඔවුහු සිය පෞද්ගලික චැනල් සේවයේ යෙදෙන වේලාව පවා කැප කර මේ මහඟු ජාතික කරත්ව්‍යයට උර දුන්හ. අන්තිමට සයිනොෆාම් එන්නත ලංකාවේ භාවිතා නොකරන ලෙස දක්වමින් මටත් ,සෞඛ්‍ය ඇමතිතුමියටත් තවත් පාර්ශව කිහිපයකටත් එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක්ද පැවරිණි.
විජාතික වෛද්‍ය ජුන්ටාවේ දිග පළල සහ කෙරුවාව අපට එතරම් ආගන්තුක නැති නිසා ඔවුන්ගේ සයිනොෆාම් විරෝධී ඊනියා අරගලය උස්සා පොලවේ ගැසීමට අපට එතරම් කල් ගත නොවීය. සයිනොෆාම් එන්නත ප්‍රමාදයකින් හෝ මාර්තු 31 ශ්‍රී ලංකාවට ගෙන ඒමට හැකි වුයේ එහෙයිනි. චීන-ශ්‍රී ලංකා හොඳ හිත පළුදු කර ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී චීනය අපට දුන් කොන්දේසි විරහිත සහයෝගය දුබල කිරීමත්, චීනය අපට ලබා දුන් ආර්ථික සහන අඩපන කිරීමත්, සයිනොෆාම් දේශපාලනයේ ඉලක්ක විය. සයිනොෆාම් විරෝධී ඊනියා සටන් පාඨවලට ආවැඩූ ඇතැම්හු ඒ පිටුපස කතන්දරය දැන නොසිටින්නට ඇත. මේ සටහන තැබුවේ ඔවුන් කඩේ ගිය බව පෙන්වා දීම ද අරමුණු කරගෙන ය.
දැන් සයිනොෆාම් එන්නත ලෝක සෞඛ්‍ය සංවිධානය පවා COVID 19 රෝගයට එරෙහිව යොදා ගත හැකි එන්නතක් ලෙස හදිසි ලැයිස්තුගත කිරීම් කර ඇති හෙයින් ශ්‍රී ලංකාව තුළ ඒ යොදා ගැනීමේ බාධාවක් නැත. එසේ වුවත් විජාතික වෛද්‍ය ජුන්ටාව සහ අන්තේවාසිකයන් මගින් ක්‍රියාත්මක වූ ඊනියා සයිනොෆාම් විරෝධී සටනින් රටට සිදු වූ පාඩුවට, COVID 19 මර්ධන වැඩ පිළිවෙලේ වූ ප්‍රමාදයට වග කියන්නේ කවුද? ඔවුන්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරීමට කවුරුන් හෝ ඉදිරිපත් වේද ?
චන්න ජයසුමන
popular news
-
Raveendra Tuesday, 11 May 2021 02:13 PM
Channa, why too hasty to boast about the Chinese vaccine? Seychelles fully vaccinated with that, but community spreading is extremely high right now even in their small community. China controlled it not because of the vaccine, it's because of the strict following of social distancing when required.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

