ඒකාබද්ධයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රිවරු පිරිසක් අගමැති හමුවෙයි
ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරැන් පිරිසක් ඊයෙ(21දා) පාර්ලිමේන්තු සංකීර්ණයේදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී ඇති බව වාර්තා වේ.
පාර්ලිමේන්තුවේ සිටින ඇතැම් මැතිඇමතිවරැන් මත්ද්‍රව්‍ය භාවිතා කරන බවට රන්ජන් රාමනායක රාජ්‍ය ඇමතිවරයා කළ ප්‍රකාශය හේතුවෙන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරැන් පමණක් නොව විපක්ෂයේ මන්ත්රීවරැන්ද දැඩි අපහසුතාවට පත්ව ඇති බව මෙහිදී මෙම මන්ත්‍රීවරැ පිරිස රනිල් වික්‍රමසිංහ මහතාට පවසා ඇති බවද වාර්තා වේ.
විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි මෙම පිරිස රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා හමුවී ඇති බවද පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
පාර්ලිමේන්තු සංකිර්ණයේ ආලින්දයේ දි මෙම පිරිස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී ඇති අතර මෙම මන්ත්‍රීවරැ ප්‍රකාශ කර ඇත්තේ රන්ජන් රාමනායක මහතාගේ ප්‍රකාශයෙන් ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරැ පමණක් නොව විපක්ෂයේ මන්ත්‍රීවරැන්ට ද චෝදනා එල්ල කර ඇති බවය.
මන්ත්රීවරැන්ගේ මෙම ප්‍රකාශ සම්බන්ධයෙන් රන්ජන් රාමනායක රාජ්‍ය ඇමතිවරයා තමන්ට කිසිදු දැනුම්දීමක් කර නැතැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විපක්ෂයේ මන්ත්‍රීවරැන්ට පවසා ඇති අතර කතානායකවරයාටත් ඒ පිළිබඳව කිසිදු තොරතුරක් දැනුම් දී නැතැයි ද පවසා ඇත.
මේ සම්බන්ධයෙන් කරුණු සාකච්ඡා කළ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රුස්වීමට ද රන්ජන් රාමනායක මහතා පැමිණියේ නැතැයිද ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.

popular news
- 
                            
Champa Friday, 22 February 2019 02:50 PM
රන්ජන් රාමනායකට විරුද්ධව පාර්ලිමේන්තුව තනි ඒකකයක් විදිහට අපහාස නඩුවක් දාන්න ඕනේ සහ වන්දි ඉල්ලන්න ඕනේ. සභාව ඇතුලට පිහියක් අරන් ආපු මිනිහ අනිත් මන්ත්‍රීවරුන්ට චරිත සහතික දෙන්න හදන එක තමයි ලොකුම විහිළුව.
Reply : 0 0
 
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

                    
                    
                                
                                
                                
                                
 
                                                
                                                
                                                
                                                
                                                
                                                