පාර්ලිමේන්තු භෝජනාගාරය වහන්න - මන්ත්‍රී රමේෂ්
පාර්ලිමේන්තුවේ සාමාන්‍ය ආහාර වේලක් ලබාදී ඒ වෙනුවෙන් සාමාන්‍ය මුදලක් අය කරන ලෙස යෝජනා කරන බවත් අවශ්‍යනම් පාර්ලිමේන්තුවේ භෝජනාගාරය වසා දමන ලෙසත් පාර්ලිමේන්තු මන්ත්‍රී රමේෂ් පතිරණ මහතා පාර්ලිමේන්තුවේදී පැවැසීය.
“මේ 225 කෙරෙහිම ප්‍රභල වෛරයක් ජනතාවට තියෙනවා. මේ අවුරුදු 73ක කාලයක් තිස්සේ සිදුවුණ දේ ගැන ජනතාවට විවේචනයක් තියෙනවා. නරක පැත්තට දේශපාලඥයින්ට බනිනවා වගේම හොඳක් සිදුවෙනා තියෙනවානම් ඒකේ ගෞරවය රටට හිමිවෙන්න ඕන.
225 කටයුතු පිළිබඳව බලාගෙන ඉන්න විශාල පිරිසක් විවේචනය කරනවා. අද උදේ අපි රණ්ඩු වුණේ පුටුවක් පිළිබඳව. පැයක් අපි සාකච්ඡා කළා. ඊයේ ඡන්දවලට සාධාරන නෑ නේද කියලා අපිටත් හිතෙනවා.
පසුගිය අවුරුදු 10ක් විතර බැලුවොත් මේකේ ඉන්න 225න් 25ක් 30ක් තමයි සභාවේ ගරුත්වය කෙලෙසන විදිහට හැසිරෙන්නේ. 200ක් හොඳ මිනිස්සු ඉන්නවා.
සභාවේ පැය කීයක් අපි නාස්ති කරනවද වැඩකට නැති වැඩ වෙනුවෙන්. ජනතාවට ප්‍ර යෝජනයක් ලෙස කථා කරමු. මේ රටේ ජනතාව හිතාගෙන ඉන්නවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අධික සුඛ විහරණ සහිතව ජීවත් වෙන පිරිසක් කියලා. එහෙම නෑ.
පාර්ලිමේන්තු මන්ත්‍රීධුරය නැතිවුණාට පස්සේ ගෙදර ගිහිල්ලා කන්න අදින්න නැති කොච්චර අය ඉන්නවද? මේ විශ්‍රාම වැටුප මොකක්ද? රුපියල් 30000යි ලැබෙන්නේ. ඒකත් අවුරුදු 5ක් තිබුණ එක අවුරුදු 10ක් කළා අපේ පහුගිය අයවැය ලේඛණයෙන්.
මහලොකු දෙයක් විදිහට ලැබෙන බලපත්‍රය ගැන තමයි ජනතාව කථා කරන්නේ. එහෙම නැත්නම් ජනතාව හිතනවා අවුරුද්දේ දවස් 365ම පවුලේ සියලු දෙනා අරගෙන ඇවිත් මේ පාර්ලිමේන්තු භෝජනාගාරයෙන් රජ බොජුන් කනවා කියලා.
මාසෙට උපරිමයෙන් ඕනනම් මන්ත්‍රීවරයෙක් දවස් තුන හතරක් කෑම කයි. අපි ලියුමකුත් අත්සන් කළා සාමානය මුදලකට සාමානය කෑමවේලක් අරගෙන දෙන්න ඒකට සම්පූර්ණ මුදල අය කරන්න කියලා අපි යෝජනා කරනවා. නැත්නම් ජනතාව හිතන්නේ අපි පවුල් පිටින් ඇවැල්ලා දවස් තිහම තුන් වේලම කනවා කියලා. භෝජනාගාරය වැහුවත් කමක් නෑ.”
popular news
-
Samson de silva Thursday, 19 May 2022 03:04 AM
Yako, "GOTA GO HOME" kiyanne parlimenthuwe canteen eka wahanna kiyana eka noweyi, buruwo. English danne nethnam Basilgenwath ahalaa igenaganin.
Reply : 1 7
Sunil Thursday, 19 May 2022 01:59 PM
Suggestions from the Citizens of Sri Lanka (updated 18may 2022) to be included in 21 Amendment (already submitted by Ranjith Madduma bandara) 1 .Introduction of Competency certificate for all those contesting to enter Parliament or any Councils. Candidates must satisfy the competancy on the Sri lankan 1978 Constitution, ( 20 Amendmdnts) This must be an open exam to be conducted by the Exam dept of Sri lanka.Syllabus must must be based on the Constitution of Sri lanka .(we have witnessed the MPs competency and behavior in the past) some of the present MPs are utterly useless and unaccountable to the masses. lack of honesty
Reply : 0 0
Ranjanie Friday, 20 May 2022 07:37 PM
Yes ,when I was working in sri lanka I took my lunch to work .often we paid our lunch . That time my salary was 212 rupees per month .we have to pay the transport too .why Parliamentarians have a free meal allowance ? They have monthly salary . When I went abroad we have to pay our lunch and tea .they only provide hot water . Often people share transport and used public transport. Why not required for Parliamentarians. I am aginst for free meal .they get the salary as normal working class people .
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

