ඇස්ට්‍රාසෙනිකා ලබා ගත් අයගේ බල බිදීමක් වෙලා නෑ
ඇස්ට්‍රාසෙනිකා එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් අයගේ එම එන්නතේ බල බිදීම තවමත් සිදුව නොමැති බව රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.
ඔහු පවසන්නේ ඇස්ට්‍රා සෙනිකා එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් අයට දෙවැනි මාත්‍රාව ලබාගැනීම සඳහා මාස 6ක කාලයක් පවතින බවයි.
ඉදිරි දින කිහිපය තුළ ජපානයෙන් පරිත්‍යාගයක් ලෙස ඇස්ට්‍රා සෙනිකා එන්නත් මාත්‍රා මිලියන 1.47ක් ලැබීමට නියමිත බවද ඔහු පැවැසීය.
“බල බිදීමක් වෙලා නෑ. ඒ පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය තාක්ෂණික පත්‍රිකාවක් නිකුත් කළා. ඉතාම පැහැදිලිව සඳහන් වෙනවා පළවෙනි මාත්‍රාව ලබාගෙන මාස හයක් දක්වා ඇස්ට්‍රා සෙනිකා දෙවැනි මාත්‍රාව ලබාගන්න පුවවන්. එහි කිසිඳු ආකාරයක බල බිදීමක් සිදුවන්නේ නෑ. ලංකාවේ පෙබරාවාරි මස 15යින් පස්සේ ඇස්ට්‍රාසෙනිකා පළමු මාත්‍රාව ලබාගත් අය ඉන්නේ.
තවමත් මාස 6 සම්පූර්ණ වීම කිසිසේතම සිදුවෙලා නෑ. අනියත බියක් ඇති කර ගන්න එපා. අපිට ඉදිරි දින කිහිපයක කාලය තුළ ජපාන රජය මගින් ලබාදෙන ඇස්ට්‍රාසෙනිකා මාත්‍රා මිලියන 1.47ක් ලැබීමට නියමිතයි.”
popular news
-
Lelwala Sunday, 25 July 2021 06:21 PM
Covishield: Second dose can be given between 4 to 8 weeks. Don’t pooled the people .
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

