ජනාධිපති ගෝඨාභය රාජපක මහතා ගත වූ දෙවර්ෂයක පාලන කාලය තුළ අභියෝග රැසක් හමුවේ අවම සම්පත් දායකත්වයකින් විශාල කාර්යභාර්යක් ඉටු කරමින් සිටින බව ජනපති මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
රට පුරා ක්‍රියාත්මක සියලු ව්‍යාපෘති ඇතුළුව පුළුල් කාර්යභාර්යක් සඳහා ජනාධිපති කාර්යාලය යටතේ වූ සමස්ත සේවක සහ වාහන සංඛ්‍යාව යහපාලන ආණ්ඩුව යටතේ වූ සේවක සහ වාහන සංඛ්‍යාව මෙන් තුනෙන් එකකි (1/3) බවද එම නිවේදනයේ දැක්වෙයි.
කරුණු එසේ තිබියදී නිවැරදි තොරතුරු හෝ සංඛ්‍යා ලේඛන අධ්‍යනයකින් තොරව පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා සිය කතාවක් මගින් ජනාධිපති කාර්යාලයේ වාහන භාවිතය සම්බන්ධයෙන් ඊයේ (19) දිනයේ පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශය සාවද්‍ය මෙන්ම කරුණු අධ්‍යනයකින් තොරව කර ඇති බව තරයේ සඳහන් කළ යුතුව ඇතැයිද මාධ්‍ය ඒකකය පවසයි.
ජනාධිපතිවරයා අනුව යමින් ජනාධිපති කාර්යාලයේ සේවයේ නියුතු කිසිඳු නිලධාරියෙකු රථ පෙළපාළි භාවිත නොකරන බව වගකීමෙන් කිව යුතුය. එමෙන්ම බොහෝ නිලධාරීහු සිය නිලයට අයත් වාහනය ද නොගෙන රාජකාරීමය අවශ්‍යතාවය වෙනුවෙන් සංචිතයට අයත් වාහන අදාළ රාජකාරී කටයුත්ත සඳහා ම පමණක් යොදා ගන්නා බවත් ජනපති මාධ්‍ය ඒකකය පෙන්වා දෙයි.
එම නිසා චන්දිම වීරක්කොඩි මහතා නිසි කරුණු අධ්‍යයනයකින් තොරව මෙලෙස වැරදිසහගත තොරතුරු ඉදිරිපත් කිරීම ඉතා කණගාටුදායක බව ජනාධිපති කාර්යාලය පෙන්වා දෙයි.