මෛත්‍රීට පාස්කු ප්‍රහාර කොමිසමෙන් කැඳවීමක්
පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කරන ජනපති කොමිසම විසින් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එහි පෙනී සිටින ලෙස දන්වා තිබේ.
ඒ අනුව එම කොමිසමේ පොලිස් ඒකකය වෙත හිටපු ජනපතිවරයාට එළැඹෙන 26 දා පෙනී සිටින ලෙස දන්වා තිබේ.
මීට පෙර එම ඒකකය වෙත ප්‍රකාශය සටහන් කර ගැනීම වෙනුවෙන් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට, හිටපු නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායක හා හිටපු ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතාට පැමිණෙන ලෙස දැනුම් දුන්නේය.
ඒ අනව රුවන් විජයවර්ධන මහතා හෙට (18දා) දිනයේදීත්, රනිල් වික්‍රමසිංහ මහතා හා සාගල රත්නායක මහතා අගෝස්තු 21දාත් කොමිෂම වෙත කැඳවා තිබේ.
යෝෂිතා පෙරේරා
-
Kumar Monday, 17 August 2020 09:01 PM
This guy will show up and blame others. He must be have been aware of situation before he went on his vacation.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

