වඩුක්කොට්ටේ කාට්ටුම්පුලම් සුලිපුරම් ප්රදේශයේ ඊයේ (25දා) සවස ළිඳකට වැටී කුඩා දැරියක ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරුදු 6ක් වයසැති සුලිපුරම් ප්රදේශයේ ශිවනේෂන් රජීදා නමැති පාසල් දිරියකි.
එම ප්රදේශයේ පොදු ළිඳකට කුඩා දැරියක වැටී සිටින බවට ලද තොරතුරක් මත විමර්ශනය කළ පොලීසියට මියගිය දැරියගේ සිරුර හමුව තිබේ.
දැරියගේ මෘත දේහය යාපනය රෝහලේ තැන්පත් කර ඇති අතර මරණ පරීක්ෂණ අද (26දා) සිදු කිරීමට නියමිතය.
වඩුක්කෝටිටේ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.



