ළමුන් ප්‍රචණ්ඩත්වයට පොළඹවන වීඩියෝ මුදාහරින්නට සිරදඞුවම්
සමාජ මාධ්‍ය හරහා සංසරණය වෙමින් පවතින කුඩා දරුවන් ප්‍රචණ්ඩත්වයට පොළඹවන වීඩියෝ දර්ශන පිළිබඳ පරීක්ෂණ ආරම්භ කර ඇති බව පොලීසිය නිවේදනය කරයි.
මෙම වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය වෙත මුදාහැර ඇති පුද්ගලයින් සම්බන්ධයෙන් ද විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් මෙම සිද්ධියට වරදකරුවන් වන පුද්ගලයින්ට වසර 10ට නොඅඩු සිරදඞුවමක් ලබාදිය හැකි බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේය.
අද (01) පස්වරුවේ කොළඹ කැඳවා තිබු මාධ්‍ය හමුවකට එක්වෙමින් විනය හා කල්ක්‍රියාව භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මේ බව පැවසුවේය.

popular news
-
Champa Friday, 01 May 2020 08:36 PM
හොඳ තීරණයක්. අවම දඬුවම අවුරුදු 10 ක් බරපතල වැඩ ඇතුව දෙන විදිහට නීති සැකසෙනවා නම් හොඳයි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

