හෝමාගම පොලිසියේ හතළිස් එකක් ඇතුළු හැත්තෑ තුනක් නිරෝධායනයට
හෝමාගම සහකාර පොලිස් අධිකාරී කාර්යාලයේ සේවය කළ කාන්තා පොලිස් කොස්තාපල්වරියකට නව කොරෝනා රෝගය වැළඳීමත් සමඟ පොලිස් නිලධාරීන් හතළිස් එක් දෙනකු ඇතුළු හැත්තෑ තුන් දෙනෙකු අද 17 දා නිරෝධායන මධ්‍යස්ථාන වලට යොමු කළ බව නුගේගොඩ පොලිස් කොට්ඨාසයේ උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය .
මේ අතර සහකාර පොලිස් අධිකාරි කාර්යාලයේ නිලධාරීන් තිස් දෙනෙකු ,හෝමාගම පොලීසියේ නිලධාරීන් එකොළොස් දෙනෙකු සහ පොලිස් කොස්තාපල්වරියගේ සමීපතමයින් තිස් දෙදෙනෙකු වන බව පැවසේ.
කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ උපදේශකවරයකු හැටියට සේවය කරන අතරතුර කොරෝනා රෝගය වැළඳුණු පුද්ගලයාගේ මව සහකාර පොලිස් අධිකාරී කාර්යාලය ට අනුයුක්තව පොලිස් කොස්තාපල්වරියක හැටියට සේවය කරන අතරතුරදී කොරෝනා රෝගය වැළඳීමත් සමඟ ඇයගේ සමීපතමයින් තිස් දෙදෙනෙකු මෙසේ නිරෝධායන මධ්‍යස්ථානයට යොමුකිරීමට පියවර ගැන තිබුණි .
ඒ අනුව ඇය සේවය කළ පොලිස් අධිකාරී කාර්යාලයේ තිස් දෙනෙකු හබරාදුව නිරෝධායන මධ්‍යස්ථානයටද , ඔවුන් සමග ආශ්‍රය කළ හෝමාගම පොලිසියේ නිලධාරීන් එකොළොස් දෙනකු ද බියගම නිරෝධායන මධ්‍යස්ථානය කට යොමුකළ බව උසස් පොලිස් නිලධාරියා පැවැසීය .
මත්තේගොඩ ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
