නුවරඑළිය නගරයේ ප්‍රධාන සංචාරක හෝටලයක පස්වන මහලෙන් බිමට ඇදවැටී එහි සේවය කරන ලද කළමණාකරුවෙකු අද (29) අලුයම් කාලයේ ජීවිතක්ෂයට පත්ව ඇතැයි නුවරඑළිය පොලීසිය පවසයි.
මෙසේ ජීවිත්ක්ෂයට පත්ව ඇත්තේ එම හෝටලයේ සාප්පු කළමණාකරුවෙකු ලෙස සේවය කරන ලද ගම්පොල ප්‍රදේශයේ පදිංචි තරංග හෙට්ටිආරච්චි (47) නැමැති දෙදරු පියෙකි.
එම සංචාරක හෝටලයේ සේවක මණ්ඩලයේ සාදයක් පෙරේදා (28) රාත්‍රියේ පවත්වා ඇති බවත් එම සාදයටද මියගිය මෙම කළමණාකරු එක්ව සිටි බව පොලීසිය සිදු කරන ලද මුලික පරික්ෂණවලදී අනාවරණය වී තිබේ.
පස්වන මහලේ ජනේලයකින් එළියට ඇද වැටීමෙන් මෙම කළමණාකාරවරයා ජීවිතක්ෂයට පත්ව ඇති අතර නුවරඑළිය මහේස්ත්‍රාත්වරයා විසින් සිදු කරනු ලබන ස්ථානීය පරික්ෂාවෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා සිරුර නුවරඑළිය මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කිරීමට පියවර ගන්නා බව පොලීසිය පවසයි.
නුවරඑළිය පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශණ කටයුතු සිදු කරනු ලබයි.
ශාන් හුලංනුගේ