හොරොන් ඉතාලි යන්න යන ලාංකිකයන්ගේ වැඩිවීමක්
කූඨ ලෙස සකස් කළ ඉතාලි නේවාසික වීසා බලපත්‍ර උපයෝගී කර ගනිමින් ඩුබායි ඔස්සේ ඉතාලිය වෙත යාමට තැත් කළ ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු අද (21දා) අලුයම කටුනායක ගුවන්තොටුපල ආගමන විගමන දෙපාර්තමේන්තු දේශ දේශසීමා ආවේක්ෂණ ඒකක නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
41 හැවිරිදි වියේ පසු වන මොවුන් දෙදෙනා පුත්තලම, තොඩුවාව ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.
ඔවුන් අද අලුයම 03.15 ට එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ ඩුබායි නුවර වෙත පිටත්ව යාමට නියමිතව තිබූ එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 649 දරණ ගුවන් යානයට කටුනායක ගුවන්තොටුපල වෙත පැමිණ තිබුණි.
ඉන්පසුව ගුවන් යානා ප්‍රවේශ පත්‍ර ලබා ගැනීම සඳහා එමිරේට්ස් ගුවන් සේවා නිලධාරීන් වෙත මොවුන් දෙදෙනා ඉදිරිපත් කළ ලියකිවිලි පිළිබඳ මතු වූ ගැටලු කීපයක් මත ඒ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මොවුන් දෙදෙනා එම ලියකියවිලි ද සමග ගුවන්තොටුපල ආගමන විගමන දෙපාර්තමේන්තු දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් වෙත යොමු කර තිබේ.
එහිදී එම ලියකියවිලි තාක්ෂණික පරීක්ෂාවන්ට ලක් කළ අතර එහිදී එම ඉතාලි නේවාසික වීසා බලපත්‍ර කූඨ ලෙස සකස් කළ ඒවා බවට තහවුරු වී තිබේ.
මින් පෙර කිසි දිනෙක විදේශගත වී නොතිබුණු මොවුන් දෙදෙනාගේ ගුවන් ගමන් බලපත්‍ර වල ද ව්‍යාජ ඉතාලි සහ ශ්‍රී ලංකා ආගමන විගමන මුද්‍රා සටහන් ඇති බවද , වැඩිදුරටත් මෙම නිලධාරීන් කළ විමර්ශන වලදී අනාවරණය කරගැනීමට සමත් වී තිබුණි.
සැකකරුවන් දෙදෙනා ගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කටුනායක ගුවන්තොටුපල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාරදීමට පියවර ගෙන තිබුණි.
මේ ආකාරයට කූට ලෙස සකස් කළ ගුවන් ගමන් බලපත්‍ර සහ වීසා බලපත්‍ර උපයෝගී කරගෙන ඉතාලිය වෙත පැනයාමට උත්සාහ දරන්නන්ගේ සැලකිය යුතු සංඛ්‍යාත්මක වැඩිවීමක් මේ දිනවල දක්නට ලැබෙන බව කටුනායක ගුවන්තොටුපල ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත නිරීක්ෂණය වී ඇති බව එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පැවැසීය.
එසේම පසුගිය සතිය තුළ එසේ කූඨ ලියකියවිලි සකස් කරගෙන ශ්‍රී ලංකාවෙන් පිටත්ව ඉතාලිය වෙත ඇතුළු වීමට තැත් දැරූ ශ්‍රී ලාංකිකයන් දෙනෙකු එරට ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන යළිත් ආපසු ශ්‍රී ලංකාව වෙත පිටුවහල් කර එවා තිබුණි.
popular news
-
Kumara Kariyawasam Tuesday, 21 September 2021 05:48 AM
Sri Lanka agamana vigamana dan supiriyi. Hora boru serama walakamu
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

