හොරණ වැවිලි සමාගමකට අයත් සේවකයින් වැඩ වර්ජනයක
හොරණ වැවිලි සමාගමට අයත් අඟුරුවාතොට නිව් චැටල් වතුයායේ වැඩ පරීක්ෂක, සහාය වැඩ පරීක්ෂක ,නිලධාරීන් වැඩ වර්ජනයක් ආරම්භ කර ඇතැයි සමස්ත ලංකා වතු සේවා සංගමය සභාපති චතුර සමරසිංහ මහතා පවසයි .
2020 පසුගිය මාර්තු සහ අප්‍රේල් මාසවල වැඩ පරීක්ෂක සහ සහාය වැඩ පරීක්ෂක ඇතුළු නිලධාරීන්ට හිමි දිරි දීමනා සහ අතිකාල දීමනා සමාගම මගින් ලබා නොදීම නිසා නිලධාරීන් විසිපහකට ආසන්න ප්‍රමාණයක් මෙලෙස වැඩවර්ජනයක් ආරම්භ කර ඇත .
මේ පිළිබඳව සහනයක් ලබා ගැනීමට කලුතර කම්කරු විනිශ්චය සභාවට ද ගැටලුව යොමු කර තිබූ අතර, එහිදී ද අතිකාල දීමනා සහ දිරිදීමනා ලබා දීම සම්බන්ධයෙන් කිසිම එකඟතාවයක් පළ නොවූ බව සමස්ත ලංකා වතු සේවා සංගමයේ සභාපති චතුර සමරසිංහ මහතා පැවසී.
දෙවන දිනටත් අද (4) ක්‍රියාත්මක මෙම වැඩ වර්ජනයේ දී අදාළ නිලධාරීන් සතුව තිබූ යතුරු කට්ටල් ආයතනයවෙත ලබා දීමට කටයුතු කර ඇති බවත්, නිලධාරීන් ගේ අතිකාල දීමනා සහ දිරිදීමනා ලැබෙන තුරු නැවත ඔවුන් රාජකාරියට වාර්තා නොකරන බවත් ඒ මහතා වැඩිදුරටත් පවසයි.
අඟුරුවාතොට මංගල එදිරිසිංහ

popular news
-
Demuni Uduwara Thursday, 04 June 2020 04:49 PM
CESU, don't abandon the struggle; in the history it has happened.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

