හෙළිදරව් නොකරන ලද වත්කම් හා ආදායම් හෙළිදරව් කිරීමේදී නඩු නෑ
හෙළිදරව් නොකරන ලද ආදායම් හා වත්කම් හෙලිදරුව් කිරීමට හා ආයෝජනය කිරීමට ව්‍යවසායන් දිරි ගැන්වීම සඳහා එවැනි ආයෝජකයින් බද්ද්, දඩ මුදලක් හෝ පොලියක් ගෙවීමේ වගකීමෙන් හා විමර්ශනයකට හෝ නඩු පැවැරීමට යටත් වීමෙන් නිදහස් කිරිමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
ඒ සඳහා ස්වෙච්ඡාවෙන් හෙළිදරව් කිරීම මත බද්දක් යනුවෙන් සියයට 1ක බද්දක් පැනවීමට නියමිතය. මෙම යෝජනාව 2021 අයවැය මගින් ඉදිරිපත් කර තිබුණි.
ඒ සඳහාඅවශ්ය නීතිමය විධි විධාන සැලසීම පිණිස 2021 මුදල් පනත කෙටුම්පත් කිරීම සදහා 2021 පෙබරවාරි මස22 අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී තිබුණි.
ඒ අනුව සකස් කර ඇති පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත් ඉන් අනතුරුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් මුදල් අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.
popular news
-
Demuni Uduwara Tuesday, 06 July 2021 04:58 PM
Mr. Mahendra Perceivel Rajapaksa, don't miss the chance!
Reply : 0 0
ප්‍රියන්ත සමන් කුමාර Tuesday, 06 July 2021 07:37 PM
හොදයි
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

