ඉන්දීය හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් බිපින් රාවට් අද තමිල්නාඩු ප්‍රාන්තයේදී සිදු වූ හෙලිකොප්ටර් යානා අනතුරකින් ජීවිතක්ෂයට පත්විය. මෙම අනතුර සිදුවන අවස්ථාවේදී එම යානය තුළ ජනරාල් රාවට් සහ ඔහුගේ බිරිඳ ඇතුළුව තවත් හමුදා සාමාජිකයන් ඇතුළු 14 දෙනෙකු රැඳී සිට ඇත. මිය ගිය පිරිස අතර හමුදා මාණ්ඩලික ප්‍රධානියාගේ බිරිඳ වන මධුලිකා රාවට්ද වෙයි.
ඉන්දියානු ගුවන් හමුදාවට අයත් Mi-17V5 මාදිලියේ හෙලිකොප්ටර් යානයක් වූ මෙය තමිල්නාඩුවේ සුලුර් හමුදා කඳවුරෙන් පිටත්ව මොහොතකට පසුව කූනුර්හිදී මෙලෙස අනතුරට ලක්ව තිබේ. ගුවන් හමුදාවද වහාම මේ අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කිරීමට පියවර ගෙන තිබුණි. අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නැත.
ජනරාල් බිපින් ලක්ෂ්මන් සිං රාවට් ඉන්දියානු හමුදාවේ හිටපු යුද හමුදා ප්‍රධානියා විය. එම ධුරයෙන් ඉවත්වීමෙන් අනතුරුව ඔහු ඉන්දියාවේ පළමුවැනි යුදහමුදා මාණ්ඩලික ප්‍රධානියා ලෙස 2019 දෙසැම්බර් 30 වැනිදා පත් කෙරිණි. 2020 ජනවාරි 01 වැනිදා සිට ඔහු එම ධුරයේ වැඩ භාරගත්තේය.
මීට පෙර 2015 වසරේදීද නාගලන්ද්හිදී සිදු වුණු හෙලිකොප්ටර් යානා අනතුරක් අවස්ථාවේදී පුදුමසහගත අන්දමින් ඔහුගේ ජීවිතය බේරුණු බවත් විදෙස් මාධ්‍ය පවසයි.
භානුක අමරසිංහ