හෙරොයින් හා අයිස් සමග රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ තවත් අයෙක් අත්අඩංගුවට
රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ රසායනාගාරයේ තවත් සේවකයෙකු රුපියල් ලක්ෂ හයක් පමණ වටිනා අයිස් මත්ද්‍රව්‍ය, හොරෙයින් මත්කුඩු හා යතුරු පැදියක් සමග අත්අඩංගුවට ගත් බව අතුරුගිරිය පොලිසිය කියයි.
එම සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 25 ක් සහ හෙරොයින් මත් කුඩු ග්‍රෑම් 15 ක් විද්‍යුත් තරාදියක්ද පොලිස් භාරයට ගෙන තිබේ.
අතුරුගිරිය පොලීසිය මගින් අතුරුගිරිය මොරටුවාහේන ප්‍රදේශයේ දී අද අලුයම මත්කුඩු අත්අඩංගුවට ගත් එම දෙපාර්තමේන්තුවේම සේවයකයෙකුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී මෙම සැකකරු සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී තිබුණි.
ජාවාරම්කරුවන්ගෙන් මත්ද්‍රව්‍ය තොග අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන් පසුගිය කාලයේ දී ඒවා නියම මත්ද්‍රව්‍ය දැයි පරික්ෂා කිරීම සඳහා රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ රසායනාගාරයේ වෙත යොමු කරන ලද මත් ද්‍රව්‍ය වලින් එම මත්ද්‍රව්‍ය සොරාගෙන මෙලෙස ජාවාරම් කරන බව සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී අනාවරණය වූ බව පොලිසිය කියයි.
බිමල් ශ්‍යාමන්
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

