(UPDATE) පැයට කිලෝමීටර් 205ක පමණ උපරිම වේගයකට ළඟා වෙමින් හුඩ් හුඩ් සුළි කුණාටව ඉන්දියාවේ නැගෙනහිර වෙරළ තීරයෙන් ගොඩබිමට ඇතුළු වී ඇති බව පැවසෙයි.
කුණාටුව රටට ඇතුළු වීමට පෙර සිටම වෙරළාශ්‍රිතව වාසය කළ දෙලක්ෂයකට ආසන්න පිරිසක් එම ප්‍රදේශවලින් ඉවත් කිරීමට කටයුතු කළ බව ඉන්දියාව පවසා සිටියි.
ආරම්භයේදීම මෙය දරුණු මට්ටමේ සුළි කුණාටුවක් ලෙස හඳුනාගෙන තිබුණත් එය සුපිරි සුළිකුණාවකින් එල්ලවන ආකාරයේ තර්ජනයක් ඉන්දියාවට ඇති නොකෙරෙනු ඇති බව එරට විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාවරයා පවසා තිබුණි.
මෙහි වැඩිම බලපෑමක් එල්ල විය හැකි බව පැවසෙන අන්ද්‍රා ප්‍රදේශ් හි දිස්ත්‍රික්ක 4ක, ලක්ෂයක පමණ ජනතාවක් ආරක්ෂිත ස්ථාන වෙත යැවීමටද ඉන්දීය බලධාරින් සෙනසුරාදා දිනයේදීම කටයුතු කර තිබුණි.