වන සත්ව සහ වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත් කෙටුම්පත යටතේ නියෝග කිහිපයක් අද (22) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනිණි.
වනජීවී අමාත්‍ය සී බී රත්නායක මහතා විසින් අදාළ නියෝග සම්බන්ධයෙන් විවාදය ආරම්භ කරමින් අඳහස් දැක්වීය.
විවාදයේ දී අඳහස් දැක්වූ අමාත්‍යවරය,
හීලෑ අලි ඇතුන් යනු අනාධිමත් කාලයක සිට මෙරට සංස්කෘතිය හා බැදුණු සත්ව කොට්ඨාසයකි. වසර දහස් ගණනක් තිස්සේ මෙරට විවිධ සංස්කෘතික මංගල්‍ය සඳහා හීලෑ අලි ඇතුන් යොදා ගනී.
වර්තමානයෙ සිටින හීලෑ අලි ඇතුන් වඳ වී යාම බලවත් තර්ජනයක් වී පවතියි. මෙරට සිටින හීලෑ අලි ඇතුන් සංඛ්‍යාව 210 වන අතර එයින් 102ක් ජාතික සත්වෝද්‍යාන සතු වන අතර ඉතිරි 108 දෙනා පෞද්ගලික හිමිකාරිත්වය සතු වේ. පෞද්ගලික හිමිකාරිත්වය යටතේ සිටි අලි ඇතුන් 49 දෙනෙකු පිළිබදව පසුගිය රජය අධිකරණ ක්‍රියාමාර්ග ගෙන ඇත.
අලි ලියාපදිංචිය විධිමත් කිරීම සහ නව නීති රීති සම්පාදනය සහ සුභ සාධනය සඳහා 2020 වසරේ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇත. පසුගිය රජය මගින් අධිකරණ ක්‍රියාමාර්ග යටතේ දීර්ග කාලයක් තිස්සේ එකම ස්ථානයේ රඳවා තැබීම නිසා ඒම අලි ඇතුන් පීඩාවට ලක්ව ඇති බවත් එම සතුන්ගේ හිමිකරුවන්ද පීඩාවට ලක්ව ඇති බවත් අමාත්‍යවරය පෙන්වා දුන්නේය.
ඉදිරියේදී මෙවැනි සිද්ධි ඇති නොවීම සඳහා , අලි ඇතුන් විධිමත් පරිදි ලියාපදිංචි කිරීමට ඉදිරියේදී නව නීතිරීති සකස් කරන බවත් හීලෑ අලි ඇතුන් සඳහා නව නියෝග මාලාවක් සකස් කරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය