හිටපු ඇමති අරුන්දික ගමන් කළ රථය හා යතුරුපැදියක් ගැටී අනතුරක්
හිටපු පාර්ලිමේන්තු මන්ත්රි හා රාජ්ය ඇමතිවරයකු වු අරුන්දික ප්රනාන්දු මහතා ගමන් කල මෝටර් රථයේ ගැටි තුවාල සිදුව සිටි යතුරු පැදිකරුවකු මාරවිල මුලික රෝහලට ඇතුලත් කල බව පොලීසිය කියයි.
හිටපු මන්ත්රිවරයා ඇතුළු පිරිස ගමන් කල මෝටර් රථය මාරවිල පොලිස් වසමට අයත් දුන්කන්නාව ප්රදේශයේදී මෙම අනතුර සිදුව ඇති බව කියයි.
ඊයේ 30 දින රාත්රි 10 පමණ මෙම අනතුර සිදුව ඇති අතර හිටපු මන්ත්රිවරයා ගමන් කල මෝටර් රථය හා යතුරුපැදිකරු මුහුණට මුහුණ ගැටි අනතුර සිදුව ඇති බව පොලීසිය කියයි.
කෙසේ වෙතත් අනතුරින් තුවාල ලැබු යතුරු පැදිකරුට බරපතල නොවන බව මාරවිල රෝහල් ප්රකාශකයකු පවසයි.
අනතුරට පත් මෝටර් රථය හා යතුරුපැදිය මාරවිල පොලිස් භාරයට ගෙන ඇති අතර අනතුර සම්බන්ධයෙන් හිටපු මන්ත්රිවරයාගේ රියදුරු මාරවිල පොලීසියෙන් අත්අඩංගුවට ගෙන තිබේ.

popular news
-
Lokka Sunday, 31 May 2020 02:38 PM
මුන්ට තියෙන සැප අපේ කොල්ලත් Kohima හරි දියවන්නාවට යවන්න ඔනෙය්
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

