හැටන් නගරයේ අනවසර වෙළදසැල් ඉවත් කිරිමට පියවර
හැටන් ප්‍රධාන බස් නැවතුම්පොලට පිවිසෙන මාර්ගයේ සහ හැටන් බස් නැවතුම්පොල ආසන්නයේ පදික වේදිකාවේ ඉදි කර ඇති අනවසර වෙළදසැල් කඩා ඉවත් කරන ලෙසට මධ්‍යම පළාත් පාලන කොමසාරිස්වරයා විසින් තම නගර සභාව වෙත දැනුම් දි ඇති බව හැටන් දික්ඔය නගර සභාවේ සභාපති සඩයන් බාලචන්ද්‍රන් මහතා පැවසිය.
පවතින කොවිඩ් 19 වෛරසය හමුවේ එම අනවසර වෙළදසැල් නිසා බස් නැවතුම්පොළට පිවිසෙන මගින්ට සහ බස් නැවතුම්පොළ හරහා මහජන වෙළදපොල භුමියට පිවිසෙන පාරිභෝගිකයන් දැඩි අසිරුතාවයට පත් වි සිටියි.
එම අනවසර වෙළදසැල් නිසා පදික වේදිකාවද ඉතා පටු වි පවතින නිසා මගින් හෝ පාරිභෝගිකයන් දෙදෙනෙකුට එකවර මාරු විමට පවා ඉඩ ප්‍රමාණවත් නොවන බවට මධ්‍යම පළාත් පාලන කොමසාරිස්වරයාට ලද පැමිණිලි කිහිපයක් මත කොමසාරිස්වරයා විසින් එය කඩා ඉවත් කරන ලෙසට ලිඛිතව දැනුම් දි ඇති බවයි සභාපතිවරයා කියා සිටියේ.
එම අනවසර වෙළදසැල් කඩා ඉවත් කිරිම සම්බන්ධයෙන් පළාත් පාලන කොමසාරිස්වරයා විසින් එවන ලද ලිපිය සභා ගත කල බවත් , ඉදිරියේදි එම වෙළදසැල් කඩා ඉවත් කිරිමට පියවර ගන්නා බවද හැටන් දික්ඔය නගර සභාවේ සභාපතිවරයා වැඩිදුරටත් පැවසිය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

